සුරතල් සතුන්ටත් ආහාර නැතිවෙයි

ඩොලර් හිඟය හේතුවෙන් සුරතල් සතුන්ගේ ආහාර හිඟයක් උද්ගතව ඇතැයි පශු වෛද්‍යවරු සහ එම ආහාර ආනයනය කර බෙදාහරින්නන් පවසති.

බළලුන්,සුනඛයන් ආදී සුරතල් සතුන් සඳහා ලබා දෙන ආහාර පමණක් නොව එම සතුන්ට ලබා දෙන එන්නත්, ඖෂධ වර්ගවල මිල ගණන්ද සියයට සියයකින් පමණ ඉහළ ගොස් ඇතැයිද පශු වෛද්‍යවරු කියති.

එමෙන්ම,ඩොලර් අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේදී ඇවුම් කරන ලද සුරතල් සත්ත්ව ආහාර,විටමින් වර්ග ආදිය වරායෙන් නිදහස් කර ගැනීමේ ගැටලු තත්ත්වයන් උද්ගතව ඇතැයිද සත්ත්ව ආහාර බෙදාහරින්නන් පවසයි.

මෙම ගැටලුව හේතුවෙන් සත්ව සායනවලට අවශ්‍ය සත්ත්ව ආහාර, විටමින්. ඖෂධ ප්‍රමාණවත් පරිදි නොලැබෙන බවද පශු වෛද්‍යවරු කියති.

රුපියල් 100 ක් වැනි මිලකට අලෙවි කෙරෙනු සත්ව ආහාර පැකැට්ටුවක මිල රුපියල් 500 ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද පශු වෛද්‍යවරු කියති.

එමෙන්ම, සත්ත්ව ආහාර ඇතුළු දෑ ආනයනයට අදාළව බැංකුවලින් ණයවර ලිපි විවෘත කිරීම සඳහා සති කීපයක ප්‍රමාදයක් සිදුව ඇතැයිද ආනයනකරුවන් පවසයි.

මේ පිළිබඳව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවලගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ සුරතල් සතුන්ගේ ආහාර වරායෙන් නිදහස් කර ගැනීමේ යම් ගැටලු තත්ත්වයක් පවතී නම් සිය දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙසය.

“සුරතල් සතුන් සඳහා භාවිත කරන ආහාර සහ විටමින් වර්ග වෙනදා පැවැති මිල ගණන් වලට රට ඇතුළට එන්නේ නෑ. සැපයුම අඩුවීම තුළ එම ආහාර සහ විටමින් මිල ගණන් වැඩිවිය හැකියි. එම ආහාර සහ විටමින් වර්ග වරායෙන් නිදහස් කරගැනීමේ යම් ගැටලුවක් තිබෙනවා නම් අප දෙපාර්තමේන්තුවට දැනුවත් කරන ලෙස දැනුම්දී තිබෙනවා. ඊට අවශ්‍ය සහාය දෙන්න අප ආයතනය සූදානම්.

කුකුළු සහ ගව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනට අනුමැතිය ලැබී තිබෙනවා. එම සත්ව ආහාරවල ප්‍රධානතම අමුද්‍රව්‍ය වන්නේ සත්ව ආහාරයි. ගිය වසරේ මෙට්‍රික් ටොන් හතළිස් දහසක් (40,000) ආනයනයට අවසරය ලබා දුන්නා.මේ වසරේ පළමු කාර්තුවේදී මෙට්‍රික් ටොන් ලක්ෂයක් (100,000) ආනයනය කිරීමට අවසරය ලබාදී තිබෙනවා. ඉල්ලුම සහ සැපයුමේදී මිලෙහි යම් වෙනසක් සිදුවීමේ හැකියාව තිබෙනවා.“යැයිද අධ්‍යක්ෂ ජනරාල්වරිය කීවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33