සුමන්තිරන් සජිත්ව අගමැති කරන්න යෝජනා කළත් සජිත් පලා ගියා – ජනපති

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ 2022 වසරේ මැයි මාසයේ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාසට අගමැතිධුරය භාර දෙන ලෙස එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටි නමුත් ඒ අවස්ථාවේ දී සජිත් පලා ගිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අවස්ථාවේ තමන්ට ජනාධිපති ධුරය භාර නොගන්නා ලෙස සජිත් ප්‍රේමදාම පැවසුවත් ඔහු ද ඒ සඳහා ඉදිරිපත් නොවූ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

දොම්පේ බස් නැවතුම්පොළ අසළ ඊයේ (01) පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසුවා.

“ඔබ සියළු දෙනා මීට අවුරුදු දෙකට කලින් සිටියේ ඉන්ධන, ගෑස්, ඖෂධ,පෝලිම්වලයි. එදා පෝලීමේ ඉඳලා එපා වුණා. ඇතැමුන් පෝලීම්වල මියගියා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න සිදුවුණා.සම්ප්‍රදායේ හැටියට ඊළඟට අගමැති විය යුත්තේ විපක්ෂ නායකතුමායි. ඊට කලින් සතියේ අපි අතර සාකච්ඡාවක් තිබුණා. එහිදී එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීතුමා කිව්වා අගමැති අයින් වුණොත් ඔබතුමන්ලා විපක්ෂ නායකතුමාට අගමැති වෙන්න ඉඩදෙන්න ඕන කිව්වා. අපට ප්‍රශ්නයක් නැහැ. මම කොහොමද ආණ්ඩුවක් හදන්නේ ? ඒ කාළේ මට කවුරුත් හිටියේ නෑ. මම විතරයි. සජබේ සමහර අය මා සමඟ කතා කරන්නත් බයයි. ආණ්ඩුවේ අය එක්ක කතා කළා. අඟහරුවාදා වන විට මමත් හිතුවා සජිත් අගමැති ධුරය භාරගනියි, ඊට උදව් කරන්නම් කියලා. නමුත් එදින සවස් වෙනකොට විපක්ෂ නායකතුමා අගමැති ධුරය භාරගන්න බිය වී පලා ගිය බව දැනගන්න ලැබුණා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23