spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුබසාධන ප්‍රතිලාභ සංගණන කටයුතු අදින් අවසන්

සුබසාධන ප්‍රතිලාභ සංගණන කටයුතු අද (10) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

මෙම සංගණන කටයුතු පසුගිය මාර්තු මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද පසුව එම කාලය අප්‍රේල් 10 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළා.

සුබසාධක ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසු පවුල් හඳුනාගැනීමේ වැඩසටහනට අයදුම්කළ පුද්ගලයින්ගේ තොරතුරු තහවුරු කර ගැනීම වෙනුවෙන් මෙම සංගණනය ආරම්භ කර තිබුණා.

මෙම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අයදුම්පත් ලක්ෂ 37ක් පමණ ලැබී තිබූ බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.

තොරතුරු සංගණනය කිරීමෙන් පසු සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය සකස් කෙරෙන අතර, එය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කිරීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?