සුබසාධක ප්‍රතිලාභ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ තොරතුරු සමීක්ෂණයට අදාළ දත්ත රැස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එහි අවසන් දිනය මාර්තු 31 වන දා බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.

නියමිත දිනට පෙර දත්ත ලබා දීමට අපොහොසත් වන අයදුම්කරුවන්ට ප්‍රතිලාභ අහිමි වීමේ අවදානමක් ඇති විය හැකි බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරන්නේ.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු සමීක්ෂණයට අදාළ දත්ත රැස් කිරීමේ කටයුතු සඳහා යොදවා සිටින ක්ෂේත්‍ර නිලධාරීන් වෙත කඩිනමින් නිවැරදි දත්ත ලබා දීමට කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සියලු අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ විධි විධාන යටතේ 2022 ඔක්තෝබර් මස 20 දිනැතිව අංක 2302/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළ කරනු ලැබූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද 2022 අංක 1 දරණ සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ නියෝග සංශෝධනය කරමින් පැනවූ 2022 දෙසැම්බර් 15 දිනැති අංක 2310/30 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් තෝරා ගැනීමට අයදුම් පත් කැඳවීමේ ක්‍රියාවලිය දැනටමත් අවසන් කර ඇති අතර ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 37,28139ක්.

මේ අතරින් ඊයේ (01) දින වන විට නිවැරදි දත්ත ලබා දී තිබෙන්නේ අයදුම්කරුවන් 102,143ක් පමණක් බවයි වාර්තා වන්නේ.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු සමීක්ෂණය සඳහා දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියට දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන ආකාරයට නිලධාරීන් 6728 ක් යොදවා තිබෙනවා.

සංවර්ධන නිලධාරීන් 3190ක්, ආර්ථික සංවර්ධන නිලධාරීන් 494ක්, ග්‍රාම නිලධාරීන් 205ක්, වෙනත් නිලධාරීන් 1127ක් සහ තාවකාලිකව බඳවා ගත් 1712 දෙනකු ඊට ඇතුළත්.

අදාළ නිලධාරීන් වෙත නිවැරදි තොරතුරු ලබා දීමට අයදුම්කරුවන් කටයුතු කළ යුතු අතර එහිදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ ලේඛනයේ ලියාපදිංචි අංකය හෝ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන ලිපිය ඉදිරිපත් කළ යුතුයි.

එසේම වකුගඩු රෝගී සහ ආබාධිත පුද්ගලයින්ගේ සායන සහ වෛද්‍ය වාර්තා, ජල හා විදුලි බිල්පත් ද ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.

“ඇත්තම කියමු- ඇත්තම අයට ප්‍රතිලාභ ලබා දෙමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන දත්ත ලබා ගැනීමේ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු නිවැරදි දත්ත ලබා දුන් බවට වූ ප්‍රකාශයට අත්සන් තැබිය යුතු අතර සෑම නිවසකටම QR කේතයක් ලබා දීම ද සිදු කෙරෙනවා.

මෙම QR කේතය භාවිතා කර තමා ලබා දුන් දත්තවල සාරාංශය නිරීක්ෂණයට ද අවස්ථාව සලසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06