සුපිරි 4 වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකා – ඇෆ්ගන් සටන අද රාත්‍රියේදී

ආසියානු කුසලාන පන්දු වාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානයට එරෙහිව අද (03) තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

මූලික වටයේදී ඇෆ්ගනිස්ථානය සමගින් පැවැති තරගයේදී අනපේක්ෂිත පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව අද තරග ජය ගැනීම වෙනුවෙන් සියලු බලඇණි ක්‍රියාත්මක කළ යුතුව තිබේ. මූලික වටයේදී ශ්‍රී ලංකව මෙන්ම බංග්ලාදේශය පහසුවෙන්ම පරාජයට පත්කර දැමූ ඇෆ්ගනිස්ථානය අද තරග බිමට ජයග්‍රාහි හොඳ මානසිකත්වයකින් පිවිසෙනු ඇත.ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 2ක් පවත්වා ඇති අතර එහිදී එක් තරගය බැගින් ජය ගැනීමට කණ්ඩායම් දෙකම සමත්වී තිබේ.

අවසන් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගයටත් ක්‍රීඩ කරනු ඇති අතර කණ්ඩායම් දෙකම එවැනි තීරණයක් ගැනීමට බොහෝදුරට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්‍ෂණ, අසිත ප්‍රනාන්දු, දිල්ශාන් මදුසංක ඇෆ්ගනිස්තාන කණ්ඩායම – මොහොමඩ් නබි (නායක), නජිබුල්ලා ෂර්දන්, අෆ්සාර්, සසායි, අස්මතුල්ලා ඔමර්සායි, ෆරීඩ් අහමඩ්, ෆසාල්හක් ෆාරුකි, හස්මතුල්ලා ෂාහිඩ්, හස්රතුල්ලා සසායි, ඉබ්‍රාහිම් සද්‍රාන්, කරීම් ජනත්, මුජිබ්හර් රහමන්, නවීල් උලහක්, නුර් අහමඩ්, රෂීඩ් කාන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59