spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි 4 වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකා – ඇෆ්ගන් සටන අද රාත්‍රියේදී

ආසියානු කුසලාන පන්දු වාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානයට එරෙහිව අද (03) තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

මූලික වටයේදී ඇෆ්ගනිස්ථානය සමගින් පැවැති තරගයේදී අනපේක්ෂිත පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව අද තරග ජය ගැනීම වෙනුවෙන් සියලු බලඇණි ක්‍රියාත්මක කළ යුතුව තිබේ. මූලික වටයේදී ශ්‍රී ලංකව මෙන්ම බංග්ලාදේශය පහසුවෙන්ම පරාජයට පත්කර දැමූ ඇෆ්ගනිස්ථානය අද තරග බිමට ජයග්‍රාහි හොඳ මානසිකත්වයකින් පිවිසෙනු ඇත.ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 2ක් පවත්වා ඇති අතර එහිදී එක් තරගය බැගින් ජය ගැනීමට කණ්ඩායම් දෙකම සමත්වී තිබේ.

අවසන් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගයටත් ක්‍රීඩ කරනු ඇති අතර කණ්ඩායම් දෙකම එවැනි තීරණයක් ගැනීමට බොහෝදුරට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්‍ෂණ, අසිත ප්‍රනාන්දු, දිල්ශාන් මදුසංක ඇෆ්ගනිස්තාන කණ්ඩායම – මොහොමඩ් නබි (නායක), නජිබුල්ලා ෂර්දන්, අෆ්සාර්, සසායි, අස්මතුල්ලා ඔමර්සායි, ෆරීඩ් අහමඩ්, ෆසාල්හක් ෆාරුකි, හස්මතුල්ලා ෂාහිඩ්, හස්රතුල්ලා සසායි, ඉබ්‍රාහිම් සද්‍රාන්, කරීම් ජනත්, මුජිබ්හර් රහමන්, නවීල් උලහක්, නුර් අහමඩ්, රෂීඩ් කාන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?