සුපිරි 08 ගැන බලාපොරොත්තුවක් තබා ගැනීමට දෙපිළට ම තීරණාත්මක තරගයක් අද

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගය අද (13) පැවැත්වෙනවා.

ඒ අමෙරිකාවේ කින්ග්ස්ටවුන් හි දී යි.

බංග්ලාදේශයට එරෙහිව නෙදර්ලන්තය අද තරග බිමට පිවිසෙනවා.

කණ්ඩායම් දෙක ම මෙවර තරග වදින්නේ D කාණ්ඩයෙන්.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 02ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහි ව පැවති තරගය පරාජය වීමත්, ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගය ජය ගැනීමත් සමගයි.

නෙදර්ලන්තය ද තරග දෙකකට මුහුණ දී ඉන් එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු 02ක් ලබාගෙන සිටිනවා.

ඔවුන් නේපාලය පරාජය කළ අතර, දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත් වුණා.

එබැවින් සුපිරි 08 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගැනීමේ ගමනේ දී අද පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම දෙපිළටම තීරණාත්මක වනු ඇති.

අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18