සුපිරි 04 වටයේ තරග සඳහා විශේෂ ආරක්ෂාවක් – ප්‍රේක්ෂකයින්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් (වීඩියෝ)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්වල දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඊට අමතරව තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ගේ රථවාහන ගාල් කිරීම සඳහා රථගාල් 10ක් සූදානම් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම රථගාල්වල ගාල්කරනු ලබන වාහනවල ආරක්ෂාව සහ ඒවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කොළඹ නගර සභාව වෙත ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර තරගය නැරඹීමට කෙත්තාරාම ක්‍රීඩාංගණය වෙත පැමිණෙනන සියලුම පිරිස් විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව ද පොලීසිය පැවසුවා.

එමන්ම ක්‍රීඩාංගණය වෙත ප්‍රේක්ෂකයින් ගමන් ගන්නා මාර්ගවලට ඇති කිසිඳු වෙළඳසැලක් හෝ ජංගම අලෙවිසැලක් විවෘත කිරීමට අවසර ලබා නොදෙන බව ද පොලිසිය සඳහන් කළා.

අද (08) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පොලීසිය මේ බව සඳහන් කළා.

2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 04 වටයේ මෙරට දී පවැත්වෙන තරග හෙට (09) දිනයේ සිට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14