spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුප්‍රසිද්ධ ෆොක්ස් මාධ්‍යවේදීනී ඇන්ජෙලා හටී තම ෆේස්බුක් ගිණුම ලංකාවට බ්ලොක් කරයි

ෆොක්ස් නාලිකාවේ කාලගුණ වාර්තාව ඉදිරිපත් කරනු ලබන ඇන්ජෙලා හටීගේ ෆේස්බුක් ගිණුම ලංකාවට අවහිර කිරීමට ඇය facebook සමාගමෙන් ඉල්ලීමත් සමගම ෆේස්බුක් සමාගම එම ගිණුම ලංකාවේ සිටින facebook භාවිතා කරන පරිශීලකයන්ට අවහිර කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම සිදුවීමට මුල් වී ඇත්තේ ඇගේ නමේ එක් කොටසක් සිංහල භාෂාවෙ සභ්‍ය වචනයකට සමාන වීමය. එනිසා සමහර ලංකාවේ ෆේස්බුක් පරිශීලකයින් ඇයගේ සමාජ ජාලාව පිටුව වෙත ගොස් ඇයට විවිධාකාරයේ අපහාසාත්මක ලෙස කමෙන්ට් පලකලහ. ඒ වගේම ලංකාවේ ක්‍රියාත්මක වන ෆේස්බුක් පිටු කිහිපයක් ඇගේ නම පාවිච්චි කරමින් විවිධාකාරයේ පෝස්ට් පළ කර තිබුණි.

මෙම සිංහලෙන් අපහාස කිරීම නොනැවතී දිගින් දිගටම වැල නොකැඩී සිදුවීම නිසා ඇය දැඩි අපහසුතාවකට පත්වී තිබෙනවා. එම නිසා ඇය තම ෆේස්බුක් පිටුව ලංකාවේ පරිශීලකයන්ට නොපෙනෙන ලෙස අවහිර කිරීමට තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳ අදහස් පල කළ සමහර සමාජ ජාල ක්‍රියාකාරිකයින් කිව්වේ මෙමගින් අප රටෙහි නම ජාත්‍යන්තරය තුළ අපහාසයට පත්වන බවයි. ඇන්ජෙලා හටි යනු ලොව ප්‍රසිද්ධ Fox නාලිකාවේ කාලගුණ වාර්තා ඉදිරිපත් කරන මාධ්‍යවේදිනිය වන අතර ඇය සැමගේ ආකර්ශනය දිනා ගත් කාන්තාවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?