සුප්‍රසිද්ධ විලාසිතා සන්නාම ඡායාරූප ශිල්පියෙකු මරුට

සුප්‍රසිද්ධ ඇඳුම් සන්නාමයක් වන Benetton නමැති ඉතාලි විලාසිතා නිර්මාණයේ සහ තවත් වෙළෙඳ දැන්වීම් රැසක නිත්‍ය ඡායාරූප ශිල්පියා වන ඔලිවියෙරෝ ටොස්කානි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු ඊයේ (13) අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියයන විට ටොස්කානි මහතා 82 හැවිරිදි වියෙහි පසුවුණා.

බෙනෙට්‍ටොන් නමැති ඉතාලි විලාසිතා ව්‍යාපාරයේ ඡායාරූපකරණ අධ්‍යක්ෂ ද වන්නේ මොහු යි.

දිගු කාලෙක සිට ඇමයිලොයිඩෝසිස් නමැති දුර්ලභ රෝගයෙන් පීඩා විඳි ඔහු ඊයේ පස්වරුවේ මියගොස් තිබෙනවා.

මෙම රෝගය සුව කළ නොහැකි රෝගයක් වන අතර ටොස්කානි සිසිනි හි පිහිටි සිය නිවසේ දී දැඩි ලෙස රෝගාතුරව රෝහල්ගත කළ බව ද වාර්තා වනවා.