නලින් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ නඩුව යළි කැදවීමට දින නියම වෙයි

හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් නන්ද මල්ලවාරච්චි යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට විත්තියේ නීතිඥයවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතා පිළිබඳව වාචික දේශන ලබන මස 10 වනදා එනම් ඔක්තෝම්බර් 10 වනදා පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහ අධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (04) දින නියම කළා.

එම නඩුවේ පළමු සහ දෙවන විත්තිකරුවන්වන නලින් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් අද (04) දින විවෘත අධිකරණය හමුවට බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත්කොට තිබුණා.

එහි දී එම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කොට සිටින මේජර් ජනරාල් නන්දසිරි මල්ලවාරච්චි මහතා අද (04) දින විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා අධිකරණයට පැමිණ අධිකරණය තුළ වාහනයක සිටින බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයවරුන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට පෙන්වා දුන්නා.

ඔහු නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 යටතේ නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩදෙන ලෙස එහි දී තුන්වන විත්තිකාර නන්දසිරි මල්ලවාරච්චි මහතාගේ නීතිඥයවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

කෙසේ නමුත් නිසි වෛද්‍ය වාර්තා එනම් ඔහුට අධිකරණය හමුවට පැමිණ අධිකරණය හමුවේ පෙනීසිටිය නොහැකි බවට නිසි වෛද්‍ය වාර්තා ඉදිරිපත්කොට එම ඉල්ලීම කරන ලෙස විත්තියේ ඔහුගේ නීතිඥයවරුන්ට ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා අවවාද කළා.

එමෙන්ම මෙම නඩුවේ පළමුවන විත්තිකර නලින් ප්‍රනාන්දු මහතාව ඉදිරියේ දී නඩු විභාග පැවැත්වෙන දිනවල දී පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙසත් සෙසු දිනවල දී ඔහු අධිකරණයට ඉදිරිපත් වීමට අනවශ්‍ය බවට නියෝගයක් කරන ලෙසත් ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥය සංජය රාජරත්නම් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් නඩු විධාන සංග්‍රහය අනුව සෑම විත්තිකරුවෙක් ම නඩුව කැඳවන දිනවල දී අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට තීරණය කළ විනිසුරුවරයා පළමුවන විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතාගේ නීතිඥයවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

2015 ජනාධිපතිවරණ සමයේ දී ලංකා සතොස හරහා ආනයනය කරන ලද ක්‍රීඩා උපකරණ එනම් දාම් සහ කැරම් බෝඩ් 14,000 බැගින් වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමෙන් රජයට තුන්කෝටි අනූලක්‍ෂ හැට එක්දහසකට අධික මුදලක පාඩුවක් සිදුකළ බවට ඇති චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

ඉදිරි නඩු දිනයේ දී එනම් ලබන දහවන මස දහවන දා පළමු සහ දෙවන විත්තිකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39