spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුප්‍රකට ව්‍යාපාරික බිල් ගේට්ස් සහ ජනාධිපති අතර හමුවක්

මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ලොව ප්‍රකට ව්‍යාපාරික බිල් ගේට්ස් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.

ඩුබායිහි දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) අතරතුර අද (03) මෙම හමුවීම සිදුවූ බවයි වාර්තා වුණේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් ගේට්ස් අතර විශේෂ සාකච්ඡාවක් ද මෙම හමුවේ දී සිදුකර ඇති බව ද වාර්තා වනවා.

කෘෂිකාර්මික නවීකරණය, දත්ත පද්ධති සහ දේශගුණික විශේෂඥතාව වෙනුවෙන් bill and melinda gates පදනම හරහා මෙරටට සහාය ලබාදීමට බිල් ගේට්ස් මෙහිදී ප්‍රතිඥාලබා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) රාජ්‍ය නායකයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජිතයින්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 30 වැනදා ආරම්භ වූ අතර එය දෙසැම්බර් 12 වන දින දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දී පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?