සුනිල් වටගල සහ ඔෂානි උමංගා ඇතුළු පිරිසක් ජිනීවා යයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) 151 වන සමුළුවට සහභාගී වී තිබෙනවා.

පසුගිය 19 වනදා සිට 23 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) 151 වන සමුළුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් සහභාගී වූ අතර ” අර්බුද සමයන්හිදී මානුෂීය සම්මතයන් ආරක්ෂා කිරීම සහ මානුෂීය ක්‍රියාකාරකම්වලට සහාය වීම” මෙවර එම සමුළුවේ තේමාව වනවා.

ඒ අනුව, පවත්නා ගෝලීය මානුෂීය අභියෝගවලට එරෙහිව, ජාත්‍යන්තර මානුෂීය නීතිය ආරක්ෂා කිරීම, ඒ සඳහා බහුපාර්ශ්වික කැපවීම් ශක්තිමත් කිරීම සහ ගැටුම් සහ අර්බුදකාරී අවස්ථාවන් සඳහා සාධනීය මානුෂීය ප්‍රතිචාරයක් සහතික කිරීම උදෙසා පාර්ලිමේන්තු සතු කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ලොව පුරා පාර්ලිමේන්තු නියෝජිතයන් සිය ගණනක් උක්ත සමුළුවට සහභාගී වුණා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඔෂානි උමංගා, ශාන්ත පද්මකුමාර, මොහොමඩ් ෆයිසාල්, හේෂා විතානගේ ඇතුළු පිරිස සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ඇතුළත් වුණා.

ප්‍රධාන සමුළුවට සහභාගී වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පැවසුවේ අර්බුදකාරී අවස්ථාවල මානුෂීය ප්‍රතිචාර සහ අර්බුද කළමනාකරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් පැහැදිලි කළා.

අර්බුද අවස්ථාවන් කළමනාකරණයකර ගනිමින් ඊට මුහුණ දීමට ශ්‍රී ලංකාව සතු හැකියාව මෙන්ම දේශීය හා ජාත්‍යන්තර මානුෂීය සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ තීරණාත්මක අවස්ථාවක් ලෙස 2004 වසරේදී සිදුවූ සුනාමි ව්‍යසනය හඳුන්වා දුන් ඔහු එවැනි අවස්ථාවන්හිදී සූදානම, සම්බන්ධීකරණය සහ මානුෂීය සම්මතයන්ට අනුකූල වීමේ වැදගත්කම අවධාරණයකර තිබෙනවා.

“දේශගුණය සහ පිරිසිදු වාතය සඳහා මීතේන් අඩු කිරීම: එයට ලැබිය යුතු අවධානය ලැබෙනවාද?” යන මාතෘකාව යටතේ පැවති වැඩමුළුවට පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් සහභාගී වී තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම, “කාබන් ශුද්ධ ශූන්‍ය මාර්ග සිතියම සහ උපායමාර්ගික සැලසුම – 2050” මගින් තහවුරු වන බවයි.

එමෙන්ම “Clean Sri Lanka” ව්‍යාපෘතිය ඔස්සේ 2050 වනවිට රටතුළ කාබන් ශූන්‍ය පරිසරයක් ඇති කිරීම සඳහා කටයුතු කරමින් පවතින බවද ඔහු අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ පාරිසරික ප්‍රතිපත්ති මගින් තිරසාර සංවර්ධනය සහ පාරිසරික සුරක්ෂිතතාව පිළිබඳ පරම්පරා අතර වගකීම පිළිබඳ ශ්‍රී ලාංකික ජාතියේ දැක්ම පිළිබිඹු වන බවද වැඩිදුරටත් පැවසුවා.

“පාර්ලිමේන්තු සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය: ජයග්‍රහණ සහ ඉදිරි මාවත” මැයෙන් පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සමුළුවට සහභාගී වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා සිය අදහස් දැක්වීමේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තා සවිබලගැන්වීම සහ අන්තර්කරණ පාලන ක්‍රමවේදය ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති අඛණ්ඩ ප්‍රගතිය පිළිබඳ අවධාරණය කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ කවුරුත් සත පහක්වත් හොරකම් කරලත් නෑ..කරනවනම් ඉන්නෙත් නෑ - මුදල් වංචාව ගැන ප්‍රබලයෙක් කට අරියි
01:43
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න - අක්කර 10ට වඩා ගිනිගෙන විනාශයි
01:16
Video thumbnail
"ජන අරුණගම" ආදර්ශ ගම්මානය ජනතා අයිතියට - මාලිමාවේ වැඩ ගැන නලින්ද ගැම්මට කියයි
04:43
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11
Video thumbnail
පරණ දේශාපාලනයෙන් හැමදෙයක් දිහාම බලන්න එපා - අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතිය අපි නවත්තලා තියෙන්නේ
03:08
Video thumbnail
අපි හිතනවට වැඩිය උණුසුම් කාලගුණයක් ? - එල්නොනෝ බලපෑම ගැන ඇමති සුසිල්ගෙන් හෙළිදරව්වක්
04:01
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
02:19
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත් හමුවෙයි
02:40
Video thumbnail
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:00
Video thumbnail
අපේ සල්ලිවලට මොකද්ද වෙන්නේ...?
01:44