සුනාමි අවස්ථාවේ පැන ගිය සැකකරුවෙකු අත්අඩංගුවට

2004 වසරේ දෙසැම්බර් මාසයේදී ඇතිවූ සුනාමි ව්‍යසනය අවස්ථාවේ දී පැන ගිය මරණ දඬුවම නියම වූ සිරකරුවෙකු වසර 19කට පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2001 වසරේ රාගම ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මෙම සැකකරු සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රධාන සැකකරු 2004 වසරේ සුනාමි ව්‍යසනයේදී මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට ප්‍රවාහනය කරමින් සිටියදී පැන ගොස් තිබෙනවා.

සැකකරු නොමැතිව මෙම නඩුව පවත්වාගෙන ගොස් 2012 වසරේ මැයි මාසයේදී සැකකරුගේ සොහොයුරා නිදහස් කර ඇති අතර, අතුරුදන් වූ සැකකරුට අධිකරණය මරණ දඬුවම නියම කළා.

මේ වන විට 54 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා ඊයේ (14) රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රාගම නගරයේදී යි.

සැකකරු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27