spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුන්බුන් අතර සිරවී ගොඩ ආ පුංචි නබිල්ගේ සිහිනය සැබෑ කළ රොනාල්ඩෝ (වීඩියෝ)

සිරියාවේ සහ තුර්කියේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා උපකාර කිරීම වෙනුවෙන් ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් භාණ්ඩ පිරවූ ගුවන් යානයක් යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කූඩාරම්, ආහාර පැකේජ, කොට්ට සහ බ්ලැන්කට්, ඇඳන්, ළදරු ආහාර, කිරිපිටි සහ වෛද්‍ය උපකරණ මෙලෙස යවා ඇති භාණ්ඩ තොගයට අයත්.

මේ අතර භූ කම්පනයෙන් දිවි ගලවාගත් 10 හැවිරිදි සිරියානු පිරිමි දරුවෙකුගේ සිහිනයක් සැබෑ කරදීමට ද මෙම සුපිරි පාපන්දු ක්‍රීඩකයා පසුගිය දා කටයුතු කර තිබුණා.

ඒ,නබිල් සයීඩ් නමැති එම දරුවා සෞදි අරාබියානු මුදාගැනීමේ කණ්ඩායම්වලින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.

ඒ, අනුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහභාගී වෙන තරගයක් නැරඹීම සඳහා මෙම දරුවාට ආරාධනයක් ලැබුණු අතර, එහිදී රොනාල්ඩෝ සමඟ සුහද කතා බහක නිරතවීමට ද කුඩා නබිල්ට අවස්ථාව හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
65
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?