ඇල්ල රක්ෂිතයට අයත් කඳුවැටියකට ගිනි තැබූ පාසල් සිසුන් ඇතුළු 16 දෙනෙක් පොලිසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 16ත් 22ත් අතර වයස්වල පසුවන බදුල්ල, නමුණුකුල සහ හාලිඇල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම ගිනි තැබීමෙන් ඇල්ල රක්ෂිත කඳුවැටියේ අක්කර 15ක් පමණ විනාශ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
කෙසේ වෙතත් වනජීවී නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 16 දෙනා අද (25) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.














Imprisonments are must.