සුනඛයෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

ඇමෙරිකා එක්සත් ජනපදයේ දී සුනඛයෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මියගිය පුද්ගලයා ගිනි අවිය අනාරක්ෂිතව තම ට්‍රක් රථයේ පසුපස ආසනයේ තබා ඇති අතර සුනඛයා පිටුපස ආසනයට පැන ගිනි අවිය මත පය තැබීම හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි තරුණයෙකු වන අතර පසුගිය 21 වැනිදා දඩයම් කිරීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි කන්සාස් ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතර මරණය දඩයම් කිරීමට යාමේදී සිදු වූ අනතුරක් බවට මූලික විමර්ශන කටයුතුවලදී හෙළි වී ඇති බව කන්සාස් ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

ලැබුණු හදිසි ඇමතුමකින් මිනිත්තු කිහිපයක් ඇතුළත පොලිස් කණ්ඩායම් පැමිණ ට්‍රක් රථයේ ඉදිරිපස මගී අසුනේ මියගොස් සිටි පුද්ගලයා සොයා ගෙන තිබෙනවා.

පොලිසිය පවසන පරිදි, ට්‍රක් රථයේ හිමිකරුට අයත් සුනඛයා, රයිෆලය ඇතුළු දඩයම් ආම්පන්න සමඟ ට්‍රක් රථයේ පිටුපස අසුනේ සිට ඇති බව සඳහන්.

එම අවස්ථාවේ ට්‍රක් රථයේ වෙනත් කිසිවකු සිටියේ දැයි අනාවරණය වී නැහැ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෑත වසරවලදී ගිනි අවි ආශ්‍රිතව සුනඛයින් සම්බන්ධ තවත් කැපී පෙනෙන සිදුවීම් කිහිපයක් පවතින බවයි.

2022 වසරේ දී 32 හැවිරිදි අයෙක් සහ තුර්කි දඩයම්කරුවෙකු ඔහුගේ ට්‍රක් රථයේ පිටුපස අසුනට තම සුනඛයා දමාගෙන යද්දී වෙඩි වැදීමකින් [එක් අයෙකු මියගිය බව වාර්තා වුණා.

සුනඛයාගේ පාදය තුවක්කුවේ පැටලීමෙන් එම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

2017 වසරේ දී, උතුරු-මැද අයෝවා හි දඩයම්කරුවෙකු අහම්බෙන් වෙඩි වැදී තුවාල ලැබුවේ ද බල්ලෙකුට ගිනි අවියක් පෑගීමෙන්.

දඩයම්කරුවන් හතර දෙනෙකු සහ බල්ලන් දෙදෙනෙකු කුරුල්ලන් දඩයමේ නිරතව සිටි අතර එක් දඩයක්කරුවෙකු සිය ගිනි අවිය බිම දමා තිබියදී එම අනතුර සිදුව තිබුණා.

එමෙන්ම 2018 දී, මෙක්සිකෝවේ චාලි නම් රාත්තල් 120ක පමණ බරකින් යුතු රොට්වයලර් වර්ගයේ සුනඛයෙකුගේ පාදයක් ට්‍රක් රථයක පිටුපස අසුනේ තිබූ රයිෆලයක වැදී ක්‍රියාත්මක වීමෙන් උණ්ඩය රියදුරු අසුන හරහා ගොස් පුද්ගලයාගේ පිටේ වැදී ඉල ඇට කිහිපයක් කැඩී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39