ගම්පහ, ඉඹුල්ගොඩ ප්රදේශයේ දී සුනඛයෙකුට ගිනිතබා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු ඊයේ (11) දින යක්කල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජගත් කුමාර නැමති 65 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවයි යක්කල පොලිසිය පැවසුවේ.
ඉහළයාගොඩ ප්රදේශයේ පදිංචි මෙම සැකකරු අද (12) දිනයේ ගම්පහ අතිරේක මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
සැකකරු සුරතලයට ඇති කළ ඉහළ වර්ගයේ සුනඛයන් සමඟ අදාළ සුනඛයා හැසිරීම හේතුවෙන් කෝපයට පත්ව මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.













