සුදු සීනි සහ පරිප්පු මිල පහළට

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30.00 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40.00 කින් අඩු කර ඇති බව පිටකොටුව තොග වෙළෙන්දන් පවසනවා.

රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පු තොග මිල මෙසේ අඩු කළ බවයි තොග වෙළඳුන් කියා සිටියේ.

මේ අතර, තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15.00 කින් අඩු කිරීමට මෙරටට තිරිඟු පිටි ආනයනය කරන ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් අද (08) පියවර ගත්තා.