spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුදුසු ඇඳුමකින් සැරසී සේවයට එන්න රාජ්‍ය සේවකයින්ට අවස්ථාව – චක්‍රලේඛය සඳුදා නිකුත් වෙයි

රාජ්‍ය සේවකයින්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට අවස්ථාව හිමිවන පරිදි නව චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරනවා.

අදාල චක්‍රලේඛය ලබන සඳුදා (26) නිකුත් කරන බවයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසුවේ.

ඒ, අනුව දැනට නිර්දේශ කර ඇති ඇඳුමෙන් පරිබාහිරව සුදුසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට සේවකයින්ට හැකියාව හිමිවනවා.

සාරි ඇතුළු ඇඳුම්වල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය නිකුත් කරන බවයි අමාත්‍යංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ ප්‍රකාශ කළේ.

රාජ්‍ය සේවකයින්ගේ කාර්යාලයීය ඇඳුම් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති චක්‍රලේඛයට මේ අනුව සංශෝධනය කරන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?