සුදාට එරෙහි මනූෂ ගොනුකළ පෙත්සම කැඳවීමට දිනයක් නියම වෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් යූටියුබ් කවෙක් වන සුදත්ත තිලකසිරිට එරෙහිව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 02 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (07) නියෝග කළා.

මෙම පෙත්සම අද (07) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සම සමථයට පත් කිරීමට තිබෙන හැකියාව පිළිබද සොයා මීළග දින අධිකරණයට දැනුම් දෙන බවයි.

ඒ අනුව මෙම පෙත්සම දෙසැම්බර් මස 02 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

සුදත්ත තිලකසිරි සිය යූටියුබ් නාලිකාව ඔස්සේ පළ කළ අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවත් ඒ අනුව ඔහු සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

  1. This guy Sudha migrated to Australia as a refugee I guess. Coz this idiot does not have any skills [other than talk trash] to be qualified to migrate such countries under skill migration category. Such a moron. One day will end up in garbage