සුද්දාගේ පැමිණිල්ල අතේ පත්තු වෙයි – රක්ෂණ වන්දි ගන්න පැමිණිල්ල දාලා ?

අලවතුගොඩ, රිට්ටන්දෙණිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටිය දී තමන් සිටි කාමරයේ අගුළු කඩා රුපියල් ලක්ෂ 05කට ආසන්න මුදල් ඇතුළු භාණ්ඩ සොරාගෙන ඇති බවට බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සිදුකළ ව්‍යාජ පැමිණිල්ලක් සම්බන්ධ පුවතක් වාර්තා වනවා.

අදාළ විදෙස් ජාතිකයා සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලීසියට අනාවරණය වී ඇත්තේ රක්ෂණ වන්දි ලබාගැනීමේ අරමුණෙන් එම ව්‍යාජ පැමිණිල්ල සිදුකර ඇති බවටයි.

සංචාරක වීසා මත පසුගිය 22 වනදා මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා මෙරටට පැමිණ ඇති අතර, මහනුවර සංචාරයක නිරත වීමෙන් පසු ඔහු අලවතුගොඩ, රිට්ටාදෙණිය ප්‍රදේශයේ හෝටලයක කාමරයක් කුලියට ගෙන නතර වී තිබෙනවා.

තම කාමරයේ තිබූ රුපියල් 90,000ක මුදලක් අත් ඔරලෝසු දෙකක්, සෝනි වර්ගයේ කැමරාවක් සහ ඇපල් වර්ගයේ කැමරාවක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන ඇති බවටයි විදේශිකයා පසුගිය 26 දින පොලීසියට පැමිණිල්ලක් කර ඇත්තේ.

ඒ, අනුව පොලිසිය විමර්ශනය කිරීමේ දී නිරීක්ෂණය වී ඇත්තේ කාමරයේ දොරගුළු කාමරය තුළ සිට කඩා ඇති බවයි.

අනතුරුව පොලිසිය විදෙස් ජාතිකයා සම්බන්ධයෙන් සැක සිතී ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී, සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන අනවශ්‍යය බවත් රක්ෂණ මුදල් ලබාගැනීම සඳහා ලියවිල්ලක් නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් බවත් විදේශිකයා පවසා ඇති බව සඳහන්.

එහිදී පොලීසිය දිගින් දිගටම ප්‍රශ්න කිරීමේ දී ඔහු වැඩිදුර විමර්ශන අනවශ්‍යය බව පවසමින් පොලීසියෙන් පිටව ගොස් තිබෙනවා.

සිදිධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය විමර්ශන පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46