සුද්දාගේ පැමිණිල්ල අතේ පත්තු වෙයි – රක්ෂණ වන්දි ගන්න පැමිණිල්ල දාලා ?

අලවතුගොඩ, රිට්ටන්දෙණිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටිය දී තමන් සිටි කාමරයේ අගුළු කඩා රුපියල් ලක්ෂ 05කට ආසන්න මුදල් ඇතුළු භාණ්ඩ සොරාගෙන ඇති බවට බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සිදුකළ ව්‍යාජ පැමිණිල්ලක් සම්බන්ධ පුවතක් වාර්තා වනවා.

අදාළ විදෙස් ජාතිකයා සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලීසියට අනාවරණය වී ඇත්තේ රක්ෂණ වන්දි ලබාගැනීමේ අරමුණෙන් එම ව්‍යාජ පැමිණිල්ල සිදුකර ඇති බවටයි.

සංචාරක වීසා මත පසුගිය 22 වනදා මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා මෙරටට පැමිණ ඇති අතර, මහනුවර සංචාරයක නිරත වීමෙන් පසු ඔහු අලවතුගොඩ, රිට්ටාදෙණිය ප්‍රදේශයේ හෝටලයක කාමරයක් කුලියට ගෙන නතර වී තිබෙනවා.

තම කාමරයේ තිබූ රුපියල් 90,000ක මුදලක් අත් ඔරලෝසු දෙකක්, සෝනි වර්ගයේ කැමරාවක් සහ ඇපල් වර්ගයේ කැමරාවක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන ඇති බවටයි විදේශිකයා පසුගිය 26 දින පොලීසියට පැමිණිල්ලක් කර ඇත්තේ.

ඒ, අනුව පොලිසිය විමර්ශනය කිරීමේ දී නිරීක්ෂණය වී ඇත්තේ කාමරයේ දොරගුළු කාමරය තුළ සිට කඩා ඇති බවයි.

අනතුරුව පොලිසිය විදෙස් ජාතිකයා සම්බන්ධයෙන් සැක සිතී ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී, සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන අනවශ්‍යය බවත් රක්ෂණ මුදල් ලබාගැනීම සඳහා ලියවිල්ලක් නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් බවත් විදේශිකයා පවසා ඇති බව සඳහන්.

එහිදී පොලීසිය දිගින් දිගටම ප්‍රශ්න කිරීමේ දී ඔහු වැඩිදුර විමර්ශන අනවශ්‍යය බව පවසමින් පොලීසියෙන් පිටව ගොස් තිබෙනවා.

සිදිධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය විමර්ශන පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12