සුජීව සේනසිංහ ව වහාම ජුලි 16 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ලබන 16 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වූ බව තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලැස් කිරීමේ සිදුවීමට අදාළ නඩුව කොටුව අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ දී නිලුපුලී ලංකාපුර මෙනවිය එසේ නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එහිදී අදහස් දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා අධිකරණයේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලැස් කළ බවට චෝදනා එල්ල වී තිබෙන සුජීව සේනසිංහ මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම අවස්ථා හයක දී මගහැර ඇති බවයි.

ඔහු පදිංචිව සිටි කොල්ලුපිටියේ නිවසට අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇතත් නිවස ඉබි යතුරු දමා වසා දමා ඇති බව රජයේ අධිනීතිඥවරයා පැවසුවා.

විමර්ශනයට සහාය නොදෙන්නේ නම් සැකකරුවෙක් ලෙස නම් කර ඔහුව අත්අඩංගුවට ගත හැකි බව අධිනීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

ශක්ති ජාගොඩආරච්චි මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් අදාළ නඩුව පසුගියදා කොටුව අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ සුජීව සේනසිංහ මහතා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශ ගතවී ඇති බවයි.

එසේම ඔහු තව දින කිහිපයකින් මෙරටට පැමිණෙන බව ද ජනාධීපති නිතිඥවරයා පැවසුවා.

එම අවස්ථාවේ රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා කරුණු දැක්වීම සඳහා අවසර ඉල්ලා සිටියත් ජනාධීපති නිතිඥවරයා ඊට විරෝධය පළ කළා.

ජනාධිපති නීතිඥවරයා පැවසුවේ සේවාදායකයා විවෘත අධිකරණයේ නොමැති අවස්ථාවක කරුණූ දැක්වීම යුක්ති සහගත නොවන බවයි.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව ශක්ති ජාගොඩආරච්චි මහතාට කරුණු දැක්වීමට මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අවසර ලබා දුන්නා.

සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉහත නියෝගය කළ අතර ඒ අනුව නඩුව එළැඹෙන 16 වැනිදා යළි කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14