සුඛෝපභෝගී මෝටර් රථ රැසක් සමග මුහුදුබත් වූ නෞකාව

අති සුඛෝපභෝගී මෝටර් රථ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පෘතුගීසිය ආසන්නයේ පිහිටි අසොරෙස් දුපත් සමූහය ආසන්නයේ එම නෞකාව මීට සති දෙකකට පමණ පෙර ගිනි ගැනීමකට ලක්ව ඇති අතර “ෆෙලිසිටි ඒස්” නම් එම නෞකාවේ පෝර්ශේ සහ බෙන්ට්ලි සුඛෝපභෝගී මෝටර් රථ 4,000ක් පමණ තිබූ බව සඳහන් වන්නේ.

එම නෞකාව ජර්මනියේ එම්ඩන් වරායේ සිට අමෙරිකා එක්සත් ජනපදය දක්වා ගමන්කරමින් තිබියදී අනතුරට පත්ව ඇති අතර එහි සිටි කාර්ය මණ්ඩලය බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබුණා,

මේ වනවිට නෞකාව අත්ලාන්තික් සාගරයේ මීටර් 3500ක් පමණ පතුළේ රැඳී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

වොක්ස්වැගන් සමාගම උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ තම මෝටර් රථ සඳහා ඩොලර් මිලියන 155ක රක්ෂණ ආවරණයක් ඇති බවයි.

බෙන්ට්ලි සමාගමේ මෝටර් රථ 189ක් සහ පෝර්ශේ මෝටර් රථ 1,100ක් එහි තිබූ බව වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23