සුඛෝපභෝගී මහල් නිවාසවලින් 96%ක්ම විකිණිලා

මෙම වසරේ (2021) තුන්වැනි කාර්තුව අවසන් වන විට එතෙක් රටේ ඉදිකර තිබූ සුඛෝපභෝගී මහල් නිවාසවලින් 96%ක්ම විකුණා අවසන්ව තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සම්පාදනය කරන ලද කර්මාන්ත දර්ශකය අනාවරණය කරයි.

මෙලෙස සුඛෝපභෝගී මහල් නිවාස මිලදීගෙන ඇති පුද්ගලයන්ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයන් වන අතර ද්විත්ව පුරවැසියන් සහ විදේශිකයන් මිලදීගෙන ඇත්තේ සමස්තය අතුරින් සුඛෝපභෝගී මහල් නිවාස කිහිපයක් පමණි.

මෙලෙස අලෙවි වී ඇති සුඛෝපභෝගී නිවාස අතුරින් ජනප්‍රියම මිල කාණ්ඩය වී ඇත්තේ රුපියල් මිලියන 25 (රුපියල් කෝටි 2.5) දක්වා වූ කාණ්ඩයයි. එහි ප්‍රතිශතය 54%කි. ඊට අමතරව රුපියල් මිලියන 25ත් 50ත් අතර මිල කාණ්ඩයේ නිවාස අලෙවියේ ප්‍රතිශතය 32%ක් වන අතර මිලියන 50ත් 75ත් අතර නිවාස විකුණුම් ප්‍රතිශතය 8%කි.

5%ක ගැනුම්කරුවන් ප්‍රමාණය රුපියල් මිලියන 75ට වැඩි කාණ්ඩයේ නිවාස මිලදී ගෙන ඇත. 2021 වසරේ තුන් වැනි කාර්තුවේදී ගැනුම්කරුවන් විසින් මිලදී ගෙන ඇති සුඛෝපභෝගී මහල් නිවාසවලින් 28%ක ප්‍රතිශතයක් පමණක් බැංකු ණය මත ලබාගෙන ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59