spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුඛෝපභෝගී මහල් නිවාසවලින් 96%ක්ම විකිණිලා

මෙම වසරේ (2021) තුන්වැනි කාර්තුව අවසන් වන විට එතෙක් රටේ ඉදිකර තිබූ සුඛෝපභෝගී මහල් නිවාසවලින් 96%ක්ම විකුණා අවසන්ව තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සම්පාදනය කරන ලද කර්මාන්ත දර්ශකය අනාවරණය කරයි.

මෙලෙස සුඛෝපභෝගී මහල් නිවාස මිලදීගෙන ඇති පුද්ගලයන්ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයන් වන අතර ද්විත්ව පුරවැසියන් සහ විදේශිකයන් මිලදීගෙන ඇත්තේ සමස්තය අතුරින් සුඛෝපභෝගී මහල් නිවාස කිහිපයක් පමණි.

මෙලෙස අලෙවි වී ඇති සුඛෝපභෝගී නිවාස අතුරින් ජනප්‍රියම මිල කාණ්ඩය වී ඇත්තේ රුපියල් මිලියන 25 (රුපියල් කෝටි 2.5) දක්වා වූ කාණ්ඩයයි. එහි ප්‍රතිශතය 54%කි. ඊට අමතරව රුපියල් මිලියන 25ත් 50ත් අතර මිල කාණ්ඩයේ නිවාස අලෙවියේ ප්‍රතිශතය 32%ක් වන අතර මිලියන 50ත් 75ත් අතර නිවාස විකුණුම් ප්‍රතිශතය 8%කි.

5%ක ගැනුම්කරුවන් ප්‍රමාණය රුපියල් මිලියන 75ට වැඩි කාණ්ඩයේ නිවාස මිලදී ගෙන ඇත. 2021 වසරේ තුන් වැනි කාර්තුවේදී ගැනුම්කරුවන් විසින් මිලදී ගෙන ඇති සුඛෝපභෝගී මහල් නිවාසවලින් 28%ක ප්‍රතිශතයක් පමණක් බැංකු ණය මත ලබාගෙන ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?