spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුඛෝපභෝගී බස් රථයක් වෙළඳසැල් දෙකකට කඩාවැදී අනතුරක්

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් බලංගොඩ නගරයේ දී මාර්ගයෙන් ඉවතට ධාවනය වී වෙළඳසැල් දෙකකට කඩාවැදී අද (06) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු හයදෙනෙක් තුවාල ලබා බලංගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සිදුකරන ලද මුලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

බස් රථය කඩාවැදීමෙන් වෙළඳසැල් දෙකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?