සුඛෝපභෝගී ජීප් රියක් දුම්රියක ගැටීමෙන් අයෙක්ට තුවාල

කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වීමෙන් තිබූ දුම්රියක් පාදුක්ක – ලියන්වල, තුත්තිරිපිටිය ප්‍රදේශයේ දී සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් අනතුරක් සිදු ව ඇති බව මීගොඩ ‍පොලිසිය පවසනවා.

අනතුරට ලක් වූ සුඛෝපභෝගී ජීප් රථය දුම්රිය හරස් මාර්ගයකින් ඇතුළු කිරීමට යාමේ දී මෙලෙස දුම්රියෙහි ගැටී ඇති බවත්, අදාළ අනතුර සිදුවන අවස්ථාවේ දී දුම්රිය හරස් මාර්ග ගේට්ටුවේ රාජකාරි කළ පුද්ගලයා එම ස්ථානයේ නොසිටි බැවින් එම ගේට්ටුව වසා නොතිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කළා.

අනතුරින් ජීප් රථයෙහි ගමන් ගත් රියදුරු තුවාල ලබා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුට සුළු තුවාල ඇති බැවින් තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක් වූ දුම්රිය කැලණිවැලි දුම්රිය මාර්ගයේ උදෑසන කාලයේ ධාවනය වන අවසන් දුම්රිය බවත් අනතුර සිදුවීමෙන් පසු දුම්රියෙහි එන්ජිම යළි ක්‍රියාකාරිත්වයට පත් නොවීම නිසාවෙන් එම දුම්රිය ධාවනය අත්හිටවූ බව පාදුක්ක දුම්රිය ස්ථානයේ නිලධාරියකු ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27