සීනි වංචාවට අදාළ සමාගම්වලින් මුදල් අයකර නොගැනීම ගැන දැඩි අප්‍රසාදයක් (වීඩියෝ)

සීනි වංචාවට සම්බන්ධ සමාගම්වලින් අදාළ මුදල් අයකර ගැනීමට මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවී තිබෙනවා,.

2020 වසරේදී සීනි වංචාවෙන් අපේක්ෂිත අයකර ගැනීම් හා ප්‍රමාදයන් පිළිබඳව ද සතියක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටයි කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

මෙහිදී විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තාවේ දක්වා ඇති පරිදි, සීනි වංචාවට සම්බන්ධ ප්‍රධාන සමාගම්වලින් නියමිත බදු අයකර ගැනීමට මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම පිළිබඳව කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ වී තිබෙනවා.

2020 ඔක්තෝම්බර් 13 දිනැති 2197/12 ගැසට් පත්‍රයේ දක්වා ඇති පරිදි සීනි ආනයනය සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 99.5% කින් අඩු කර තිබියදීත් අදාළ බලධාරීන් විසින් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව ද කාරක සභාවේදී ප්‍රශ්න කෙරුණා.

පාරිභෝගික භාණ්ඩ සඳහා බදු අඩු කිරීම හේතුවෙන් ඇතැම් විශාල සමාගම්වලට අසාධාරණ ලෙස ප්‍රතිලාභ ලබා ගැනීම වැලැක්වීමට වගවීමේ කිසිදු පියවරක් ක්‍රියාත්මක කර නොමැති බවයි කාරක සභාව අවධාරණය කළේ.

මෙම සීනි වංචාවට අදාළ බදු අයකිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම අරමුණු කරගනිමින් එම අදාළ සමාගම්වලින් බදු එකතු කිරීමේ ප්‍රමාණයන් පිළිබඳව සතියක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කාරක සභාව නියෝග කර තිබෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කල කාරක සභාව සීනි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 0.25/Kg සිට රුපියල් 50/Kg දක්වා ඉහළ නැංවීම අරමුණු කරගත් බදු ප්‍රතිපත්තිය නැවත සංශෝදනය කිරීම පිළිබඳව කමිටුව සිය අවධානය යොමු කරනු ලැබුවා.

මෙරට පාරිභෝගික ජනතාවගෙන් රුපියල් බිලියන 30ක් අය කරගත් මේ හා සම්බන්ධ සමාගම්වලට වගකීමෙන් තොරව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය කාරක සභාවේ දැඩි විවේචනයට ලක්වුණා.

මේ අතර බෙදාහරින්නන් විසින් උපරිම සිල්ලර මිල පිළිනොපැදීම පිළිබඳ ගැටළු විමසීම සඳහා කාරක සභාව හමුවට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ද කැඳවා තිබුණා. ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් වැටලීම් 342කින් උපරිම සිල්ලර මිලට වඩා භාණ්ඩ අලෙවි කල ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දඩ නියම කළ ද, ගැසට් පත්‍රයේ උපරිම තොග මිලක් නොමැතිවීම හේතුවෙන් තොග බෙදාහරින්නන්ට දඬුවම් කිරීමේ අභියෝග පවතින බවයි එම නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේ.

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සහ ආනයනික මිල වැනි සාධක සලකා බලා උපරිම සිල්ලර මිලක් පැනවීම පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කරන ලෙස කාරක සභාව විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා. තවද, තොග බෙදාහරින්නන් උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් අලෙවි කිරීම සහ වංචනික ක්‍රියාකාරකම්වල නිරත වීම සම්බන්ධයෙන් පවතින ගැටලුව විසඳීමට යාන්ත්‍රණයක් යෝජනා කරන ලෙසටයි කාරක සභාව පාරිභෝගික කටයුතු අධිකාරිය වෙතින් ඉල්ලා සිටියේ.

මීට අමතරව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නියෝගයේ අන්තර්ගතය පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වුණා. ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම සහ විදේශ විනිමය සංචිත ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ මූලික පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සහ සමාගම් සඳහා අරමුදල් සංචලනය සහ විදේශ විනිමය ගනුදෙනු නියාමනය කිරීම සඳහා නිර්මාණය කර ඇති විධිවිධාන මෙම නියෝගයෙන් දක්වා තිබෙනවා.

නියෝගයේ දක්වා ඇති පරිදි සංක්‍රමණ දීමනාව ඇමෙරිකානු ඩොලර් 50,000ක් ලෙස පවතින අතර තාවකාලික වීසා බලපත්‍රලාභීන් සඳහා ඇමෙරිකානු ඩොලර් 20,000ක දීමනාවක් පවතිනවා. ශ්‍රී ලාංකික පුද්ගලයින්ට ඔවුන්ගේම විදේශීය සමාගම්වල කොටස් විකල්ප මිලදී ගැනීමට ඉඩ සලසන විධිවිධාන ඇතුළුව, පෙර ගැසට් පත්‍රයේ සංශෝධන මහ බැංකුවේ නිලධාරීන් විසින් කාරක සභාව දැනුම් දෙනු ලැබුවා. මීට අමතරව, ලැයිස්තුගත සමාගම්වල ආයෝජනය සඳහා ඇමෙරිකානු ඩොලර් 200,000ක් සහ ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා ඇමෙරිකානු ඩොලර් 100,000ක ආපසු ගැනීමට පුද්ගලයන්ට දැන් අවසර පවතිනවා.

මෙහිදී කාරක සභා සභාපතිවරයා එවැනි අඩු සංක්‍රමණ දීමනාවක් පවත්වාගෙනයාමේ ශක්‍යතාව පිළිබඳව කනස්සල්ල පළ කළා. මෙම සීමා කිරීම් හේතුවෙන් පුද්ගලයින් හවාලා සහ ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) වැනි නිල නොවන මාර්ගයන් වෙත යොමුවීමේ ව්‍යාප්තිය පිළිබඳව ඔහු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. තවද, Binance වැනි විවිධ වේදිකා හරහා ශ්‍රී ලාංකිකයන් තම රුපියල් USDT ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) බවට පරිවර්තනය කර පසුව විදේශයන්හි මුදල් මාරු කිරීම හෝ ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කරන අවස්ථා පිළිබඳව නිලධාරීන් දැනුවත් දැයි සභාපතිවරයා විමසා සිටියා. විනිමය-වෙළඳාම කරන ලද අරමුදල්වල අනුමැතිය ඇතිව, එක්සත් ජනපද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) මෑතකදී පිළිගත් ආයෝජන වත්කම් ලෙස අනුමතකර ඇති බවයි කාරක සභාව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ දනුවත් වීමක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කරන බව නිලධාරීන් සභාපතිවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කළා. එමෙන්ම විධිමත් මාධ්‍යන්ගෙන් තොරව රුපියල්, ඩොලර්වලට හුවමාරු කිරීමට අවසර නොමැති බවත්, මුදල් හුවමාරුව සහ ආයෝජනය සඳහා නිල නොවන මාර්ග අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව විමර්ශනය කරන බවත් එම නිලධාරීන් වැඩි දුරටත් අදහස් දක්වමින් අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00