සීනි බදු ඉහළට

සීනි කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා ඉහළ නංවා තිබෙනවා.

මෙතෙක් ශත 25ක්ව පැවති එම බද්ද අද සිට වසරක කාලයක් සඳහා රුපියල් 50ක් ලෙස පවතින බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය සඳහන් කළේ සීනි සඳහා අයකරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 50 දක්වා ඉහළ දමා ඇතත් පවතින තොගවලින් වෙළෙඳුන් අධික ලාභ ලබා ගැනීමට වැලැක්වීම සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන බවයි.

ආනයන බදු ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ ද මාස දෙකක කාලයක් සඳහා උපරිම සිල්ලර මිල පැනවීම පිළිබඳ සඳහන් වන බවයි සියඹලාපිටිය මහතා පවසන්නේ.

ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරියට ඒ පිළිබඳ පූර්ණ බලතල ඇති බවත් අදාළ උපරිම සිල්ලර මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන්නන්ට එරෙහිම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බලය ද ඔවුන් සතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

  1. MUN ME RATA SAHA JANATHAWA DARUNU LESA SURAKAMIN DUGEE BAWATA BALEN EDHA DAMIN MAHA PARIMANA DEWANTHA WINASHAYAK KARANAWA. MT 18,000 GODA BALA PORTS WALIN PITA KALAYIN PASSE ME GAHAPU BADDHA UTA ADHALAMA NATHI LU. ETHAKOTA KILO EKAKIN RS.25 (KALIN RS.2 DAN 50YI)
    1000KGX18000MTXRS.25, AWAMA LESA SAHATHIKAWAMA LABEN KOTI 4K AYUTHU LABHYAK.