සීතා ඇතින්නට වෙඩි තැබීම ගැන විධිමත් පරීක්ෂණයකට නියෝග

මහියංගනය රජ මහා විහාරස්ථානයේ පෙරහැරට සහභාගී වී සිටි මහරගම සීතා ඇතින්නට වෙඩි තැබීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නියෝග කර තිබෙනවා.

එමෙන්ම සිද්ධිය පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් ද පවත්වන ලෙස වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා අදාළ පාර්ශව වෙත නියෝග කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ.

අදාළ රාජකාරියට සම්බන්ධ වී සිටි සිවිල් ආරක්ෂක භටයා විනය විරෝධී ක්‍රියාවක් සිදුකර ඇත්නම් ඔහුට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එම අමාත්‍යංශය අවධාරණය කරනවා.

ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා ඊයේ මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරුණා.

ඔහු මාපාකඩවැව වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කළ අයෙක්.

මහියංගනය රජ මහා විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍යයට විවිධ ප්‍රදේශවලින් අලි ඇතුන් මේ දිනවල සහභාගිවී සිටිනවා.

ප්‍රදේශයේ වන අලින් බහුලව සැරසරන බැවින් එම සත්වයින් පලවා හැරීමේ කණ්ඩායමක් යොමුකරන ලෙසටයි මහියංගනය විහාරාධිපති හිමියන් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබී ඇත්තේ.

ඒ අනුව වනජීවී නිලධාරීන් සමග වන අලින් පලවා හැරීම සදහා වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත සිවිල් ආරක්ෂක භටයෙකු ද සහභාගි වී සිට ඇති අතර ඔහු විසින් අදාළ වෙඩි තැබීම සිදු කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළා .

සීතා ඇතින්නට වෙඩි තැබීම පිළිබඳ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18