spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සීතා ඇතින්නට වෙඩි තැබීම ගැන විධිමත් පරීක්ෂණයකට නියෝග

මහියංගනය රජ මහා විහාරස්ථානයේ පෙරහැරට සහභාගී වී සිටි මහරගම සීතා ඇතින්නට වෙඩි තැබීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නියෝග කර තිබෙනවා.

එමෙන්ම සිද්ධිය පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් ද පවත්වන ලෙස වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා අදාළ පාර්ශව වෙත නියෝග කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ.

අදාළ රාජකාරියට සම්බන්ධ වී සිටි සිවිල් ආරක්ෂක භටයා විනය විරෝධී ක්‍රියාවක් සිදුකර ඇත්නම් ඔහුට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එම අමාත්‍යංශය අවධාරණය කරනවා.

ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා ඊයේ මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරුණා.

ඔහු මාපාකඩවැව වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කළ අයෙක්.

මහියංගනය රජ මහා විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍යයට විවිධ ප්‍රදේශවලින් අලි ඇතුන් මේ දිනවල සහභාගිවී සිටිනවා.

ප්‍රදේශයේ වන අලින් බහුලව සැරසරන බැවින් එම සත්වයින් පලවා හැරීමේ කණ්ඩායමක් යොමුකරන ලෙසටයි මහියංගනය විහාරාධිපති හිමියන් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබී ඇත්තේ.

ඒ අනුව වනජීවී නිලධාරීන් සමග වන අලින් පලවා හැරීම සදහා වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත සිවිල් ආරක්ෂක භටයෙකු ද සහභාගි වී සිට ඇති අතර ඔහු විසින් අදාළ වෙඩි තැබීම සිදු කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළා .

සීතා ඇතින්නට වෙඩි තැබීම පිළිබඳ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?