සීතා ඇතින්නට තවත් සැත්කමක් – යකඩ බෝල හා ඊයම් කැබලි සොයාගෙන (ඡායාරූප)

වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින සීතා ඇතින්නට සිදුකළ දෙවන ශල්‍යකර්මයේ දී ඇතින්නගේ ශරීරය තුළ තිබී යකඩ බෝලයක් හා ඊයම් කැබලි කිහිපයක් හමු වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාල පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල පවසනවා.

සත්වයාට අද (17) දිනයේ මෙම සැත්කම පැය හතරකට ආසන්න කාලයක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මහාචාර්ය අශෝක දංගොල්ල,

“මේ සතාට වෙඩි වැදිලා මේ වෙද්දී දින 18ක් පමණ වෙනවා. අපිට දක්නට ලැබෙන ආකාරයට මේ ඇතින්නගේ ශරීර සෞඛ්‍යයේ දුර්වල තත්ත්වයන් උද්ගත වෙමින් පවතිනවා. මේ තත්ත්වය මත තමයි අපි අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ඇතින්නගේ ශරීරය තුළ ඇති තවත් ලෝහ කොටස් ඉවත් කිරීම සඳහා අවසර දෙන්න කියලා. අධිකරණයෙන් ඒ ඉල්ලීමට ලද අවසරය මත තමයි අද දින මේ ශල්‍යකර්මය සිදුකළේ. මෙහිදී මේ සත්වයාගේ පපුව ආසන්නයේ තිබී යකඩ බෝලයක්
මෙන්ම තවත් ඊයම් කොටස් අපට හමුවුණා. දැන් අපිට විශාල සැකයක් තියෙනවා ඇතින්නගෙ පපුව තුළ එනම් උරස් කුහරයේ හෝ පෙනහල්ලේ නැතිනම් ඒ ආශ්‍රිතව තවත් යකඩ බෝල තිබෙනවා කියන තත්ත්වය පිළිබඳව, නමුත් කණගාටුවට කරුණ තමයි නිත්‍ය වශයෙන්ම මේ යකඩ බෝල තිබේදැයි සොයා ගැනීමේ හැකියාවක් දැනට අපිට නෑ. ඒ, සඳහා අවශ්‍ය උපකරණ හෝ නිසි ක්‍රමවේදයක් අප සතුව නෑ. ඒක ඉතාමත් අයහපත් තත්ත්වයක්.
තවත් ලෝහ කැබලි සතාගේ ශරීරයේ තියෙන්න පුළුවන් කියලයි අපි හිතන්නේ. දැන් සතා සුපුරුදු පරිදි ආහාර ගැනීමේ නිරත වුණ ඇගේ ශරීර සෞඛ්‍යය යම් ආකාරයකින් දුර්වල වෙමින් පවතින බව අපිට පේනවා. අපි ඒ සම්බන්ධයෙන් හැකි උපරිමයෙන් ප්‍රතිකාර කටයුතු කරනවා.”

මෙහිදී අදහස් පළ කළ ඇතින්නගේ හිමිකරු වූ එස්.එම්. රොෂාන් කියා සිටියේ රබර් උණ්ඩ යොදා ඇතින්නට වෙඩි තැබූ බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ ප්‍රකාශය අසත්‍ය එකක් බවට දැන් හෙළිවී ඇති බවයි.

මේ අතර මෙම ඇතින්න සම්බන්ධයෙන් අද (17) පාර්ලිමේන්තුව් දී අදහස් පළවුණා.

vlcsnap 2023 10 17 14h14m03s256
vlcsnap 2023 10 17 14h13m25s996
vlcsnap 2023 10 17 14h12m55s142
vlcsnap 2023 10 17 14h13m50s885
  1. කාලකන්නි බීලමත්වෙලා සතුන් ට වෙඩිතබා මරා දානවා.. හිරිහැර කරනවා. ඕවයේ ප්‍රතිපල ඉතා ඉක්මනින්ම වෙඩි තැබූ ඔය කාලකන්නියට ලැබේවී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58