සීතාවකපුර නගර සභාවේ නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ මගින් අත්අඩංගුවට

අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභාවේ වැඩ බලන ලේකම්වරයා සහ ආදායම් පරීක්ෂකවරයා ල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 4ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී යි.

පැමිණිලිකරුගේ ව්‍යාපාරික හවුල්කාරියට හිමිවිය යුතු අවිස්සාවේල්ල බස් නැවතුම්පොලේ නව වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමරයේ උරුමය පවරා දීමටත් එම කඩ කාමරයේ පසු උරුමය පැමිණිලිකරු වෙත පවරා දීමටත් යන රාජකාරි කටයුතු ඉක්මනින් කරදීම සඳහා නගර සභාව තුළ දී අදාළ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06