සීතාට වෙඩි තැබීමේ සිද්ධිය ගැන වනජීවියෙන් විශේෂ ප්‍රකාශයක්

මහියංගනය රජමහා විහාරාස්ථානයේ පෙරහැරට සහභාගී කරවීමට රැගෙන ඇවිත් සිටි ඇතින්නකට වනජීවී නිලධාරීන් විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.සී. සූරියබණ්ඩාරගේ අත්සනින් යුතුවයි අදාළ නිවේදනයක් නිකුත්කර ඇත්තේ.

එම නිවේදනය දැක්වෙනේ වනජීවී නිලධාරීන් විසින් වන අලි පලවාහැරීමේ අරමුණින් රබර් උණ්ඩ යොදාගෙන සිදුකළ වෙඩි තැබීමක දී පෙරහැරට සහභාගී කරවීමට රැගෙන ඇවිත් සිටි හීලා ඇතින්නකට වැදී තුවාල සිදුව ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

පෙරහැරට සහභාගී වූ ඇතින්න පෙරහැර නිම වීමෙන් පසුව මහවැලි ගඟ අයිනේ ගැටගසා සිටිය දී වනජීවී නිලධාරීන් විසින් අද (30) අලුයම් කාලයේ සිදුකළ වෙඩි තැබීමක දී තුවාල ලැබුවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ අවුරුදු 47ක් වයසැති මහරගම සීතා නැමැති ඇතින්නයි.

වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ වනජීවී නිලධාරීන් මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයකු පැමිණ ඇතින්නට ප්‍රතිකාර සිදුකර තිබුණා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.

1 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28