‘සිසු සැරිය’ බස් රථ සේවාව උතුරේ ඇරඹේ

පාසල් සිසුන්, ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂිත හා පහසු ගමනාගමනය තහවුරු කිරීමේ අරමුණින් උතුරු පළාත තුළ ‘සිසු සැරිය’ බස් රථ සේවාව ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහන අද (15) සිදු කෙරුණා.

වවුනියාව මගී ප්‍රවාහන පර්යන්තයේ දී සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවා.

2005 වසරේදී ආරම්භ කරන ලද ‘සිසු සැරිය’ වැඩසටහන යටතේ මෙතෙක් උතුරු පළාතේ වවුනියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල සිසුන්ට මෙම සේවාව හිමිව නොතිබූ අතර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව පළමු අදියර යටතේ උතුරු පළාත සඳහා බස් රථ 20ක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

එහි සමාරම්භය සනිටුහන් කරමින් වවුනියාව දිස්ත්‍රික්කයේ පාසල් දරුදැරියන්, ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ භාවිතය සඳහා ‘සිසු සැරිය’ බස් රථ දෙකක් මෙහිදී නිල වශයෙන් සේවයට එක් කෙරුණා.

මෙම අවස්ථාව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දිවයින පුරා සිසු ප්‍රවාහනය සඳහා බස් රථ 200කට අධික සංඛ්‍යාවක් අලුතින් එක් කිරීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27