පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය සඳහා ඉදිරිපත් කර තිබුණා.
ඒ, අනුව දුෂ්කර පාසල්, හුදෙකලා පාසල් ,වතු පාසල් සහ දරිද්‍රතා සිසු සිදුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800,000ක් සඳහා මෙම වසරේ අප්‍රේල් මාසයේ සිට වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට නියමිතයි.














