සිසුවියකට හා සිසුන් 5කට බරපතළ ලිංගික අතරවර කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට (වීඩියෝ)

පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් හා පාසල් සිසුන් පස් දෙනෙකුට බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය ඉහළ මුරුතලාව ප්‍රදේශයේ 63 හැවිරිදි පුද්ගලයෙකු මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ප්‍රදේශවාසීන් ද බිය කරමින් දරුවන් බලහත්කාරයෙන් අපයෝජනය කළ අවස්ථාවද වාර්තා වී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

මෙම පුද්ගලයාට එරෙහිව 15 හැවිරිදි දැරිය මෙයට ප්‍රථම පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් පොලීසිය නීතිමය පියවරක් නොගෙන සැකකාර පුද්ගලයාට අවවාද කොට යවා ඇති බවයි වාර්තා වන්නේ.

අපයෝජනයට ලක්වූ බව කියන පාසල් සිසුන් පස් දෙනා අවුරුදු 12-15 වයසේ පසුවන බවත් ඔවුන් අතර එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුද සිටින බවත් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.

පාසල් සිසුවිය හා සිසුන් පස් දෙනා සැකකරු විසින් අවස්ථා ගණනාවකදී අපයෝජනයට ලක්කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබුණා.

විවාහක දෙදරු පියෙක් වන මොහු තවත් පිරිමි දරුවෙකු ප්‍රදේශයේ ලදු කැලයකට ඇදගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම ළමයා සැකකරුගේ අත සපා ඔහුගෙන් බේරී පැන ආ බවද දරුවෙකුට අතවර කිරීම සම්බන්ධයෙන් විමසීමට ආ දරුවාගේ පියෙකුටද ඔහු පහර දුන් බවද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටියදී කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවින්දි වික්‍රමසිංහ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් සිවිල් ඇදුමින් රැක්වල්ලා සිට කිරිබත්කුඹුර ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපයෝජනයට ලක් වූ බව කියන සිසුවිය හා සිසුන් පස් දෙනා මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන තිබුණා.

සැකකරු මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වාසනා නවරත්න හමුවට අද (02) ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා විසින් අතවරයට ලක් කරන ලද තවත් දරු දැරියන් ප්‍රදේශයේ සිටිය හැකි බවට සැක කරන පොලිසිය ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

  1. අවුරුදු 63ක වේසිගේ පුතෙක් මුළු ගමක්ම බිය වැද්දුවා? එ් ගමේ පිරිමි නැත්ද බන්?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48