spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිසුවියකට පහරදුන් විදුහල්පති අත්අඩංගුවට

යාපනය දූපත් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන පාසලක සිසුවියකට පාරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා අද (16) අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලීසිය පවසනවා.

ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක දී මෙලෙස විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 13 වනදා විදුහල්පතිවරයා පාසල් දැරියට සිදුකළ පහරදීමකින් පසු ඇයව රෝහල් ගත කිරීමට දෙමව්පියන් පියවර තිබෙනවා.

අනතුරුව විදුහල්පතිවරයා සිදුකළ බව කියන මෙම පහරදීම සම්බන්ධයෙන් දෙමාපියන් කයිටිස් පොලිසියට හා යාපනය මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිලිකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි සැකකාර විදුහල්පතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු විදුහල්පතිවරයා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
8
+1
2
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?