සිසුන්ට එන්නත් ලබාදීමකින් තොරව පාසල් විවෘත කළ හැකි

සිසුන් එන්නත්කරණයට ලක් කිරීමකින් තොරව පාසල් විවෘත කළ හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ප්‍රකාශ කළා.

මේ අතර, සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා එල්ල කළේ ආසාදිතයන් සංඛ්‍යාව අඩුවී ඇත්තේ කොරෝනා පරීක්ෂණ අඩුවෙන් සිදුකිරීම හේතුවෙන් බවයි.  

නිවෙස්ගතව ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය යටතේ මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකම කොරෝනා ආසාදිතයින් 14,223 දෙනෙකු පසුවන බව නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේද කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන ප්‍රකාශ කළා.

පුද්ගලයින් 52,361ක් අදාළ ක්‍රමවේදය යටතේ නිවෙස්ගතව ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර ඉන් 37,448ක් සුවය ලබා ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.

අදාළ ක්‍රමවේදය යටතේ සිටි ආසාදිතයින් 607 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමුවීමට නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරහා ලියාපදිංචි විය යුතු බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන කියා සිටියා.

මේ අතර, ඇතැම් විදේශ රටවල ක්‍රියාත්මක වන ආකාරයට සිසුන් එන්නත්කරණයට ලක් කිරීමකින් තොරව පාසල් ආරම්භ කළ හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ.

මේ අතර මහනුවර ජාතික රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු මහල් පහකින් යුත් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා. පිළිකා රෝගියෙකු ද වන මොහු අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙක්.

අද දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයන් 2,640 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

එසේම අගෝස්තු 28 වනදා සිට 31 වනදා දක්වා කාලය තුළ හමුවූ තවත් ආසාදිතයන් 4,725 දෙනෙකුගේ තොරතුරු අද දිනයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් ඔවුන්ගේ වෙබ් අඩවියට එක් කර තිබුණා.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 458,766 දක්වා ඉහළ ගොස් තිබෙනවා.  

මේ අතර, ශ්‍රී ලංකාව  ඇතුලු රටවල් 10 ක සංචාරකයින්ට පනවා තිබූ තහනම අනිද්දා සිට ඉවත් කිරීමට පිලිපීනය පියවර ගෙන තිබෙනවා.  

හෙට සහ අනිද්දා දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම සඳහා පමණක් විවෘත කෙරෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි.

මේ අතර සයිනොෆාම් එන්නත මෙරටදී ලබාදුන් සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් තිබෙනවා. එසේම තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4 ක හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46