සිසුන්ට උගන්නනේ නැති ගුරුවරු ගෙදරට වෙලා කරන දේ

දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලියෙන් ඉවත්ව සිටින ගුරුවරු ජාතික අධ්‍යාපන ආයතනය මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙහෙයවන පශ්චාත් උපාධි අධ්‍යාපන පාඨමාලාවලට සම්බන්ධ වී සිටිති. එම උපාධි පාඨමාලාවලට අදාළ විභාග ද අඛණ්ඩව පැවැත්වෙන බව එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ඊයේ ( 23 වැනිදා) පැවසීය.

පශ්චාත් උපාධි අධ්‍යාපන කළමනාකරණ ඩිප්ලෝමා , පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා, පාසල් කළමනාකරණ ඩිප්ලෝමා, පාසල් උපදේශන ඩිප්ලෝමා ඇතුළු පාඨමාලා දාහතකට අධික සංඛ්‍යාවක් එම ආයතනය පවත්වයි.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට ඊයේ (23 වැනිදා) වන විට දින හැත්තෑ හතරක් ගත වී තිබේ.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග පැවැත්වීමට ද බාධා එල්ල වී ඇත. සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්වල ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රියාවලියට ගුරුවරුන් සම්බන්ධ නොවන අතර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාගවලට අදාළ අයැදුම්පත් විභාග දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් ද වැළකී සිටිති. පාසල් 211කින් උසස් පෙළ අයැදුම්පත් ද පාසල් 1732කින් ශිෂ්‍යත්ව අයැදුම්පත් ද දෙපාර්තමේන්තුවට එවා නැත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31