සිස්ටම් එක කලැප්ස් වෙලා තියෙන්නේ – හිටපු විගණාකාධිපති ගෙන් සැර ප්‍රකාශයක්

රටේ සිදුවන වංචා සහ දූෂණ අවම කිරීම සඳහා මෙරට සියලුම දේශපාලන පක්ෂ විගණනයට යටත්කළ යුතු බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා. නමුත් ඊට කිසිදු දේශපාලන පක්ෂයක් කැමැත්ත පළ නොකරන බව කොළඹදී ඊයේ පැවති වැඩසටහනකදී හිටපු විගණකාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර කොරෝනා සමයේ රටතුළ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් භාවිතයට ගනු ලබන්නේ වර්ෂ 1897දී සකස්කරන ලද පනතකින් බවද හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ වැඩිදුරටත් පැවසුවේ.

“සෑම අවුරුදු 3කට වරක් සියලුම නීති අප්ඩේට් කරන්න ඕන. අද අවුරුදු 200ක් අවුට්ඩේට් වෙච්ච නීති තියෙනවා. හොඳම උදාහරණය පහුගිය දවස්වල ඇඳිරි නීතිය දැම්මා කොරෝනාවලට. 1897 පනතකින් ඇඳිරි නීතිය දාන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා. හැබැයි ඒක දැන් අවුරුද්දක් තිස්සේ කිව්වා අදත් ඒක අප්ඩේට් කරගන්න බැරිවුනා. කෝ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු. අප්ඩේට් නැති නීති නැති රටක් කොහොමටත් ගොඩගන්න බෑ.”

“1910දී ලංකාව සර්වජන ඡන්ද බලය ලබාදීමට විරුද්ධව මැකලම් ආණ්ඩුකාරවරයා විසින් ඊට හේතු දෙකක් දැක්වූවා. ඒක තමයි ලංකාවේ මිනිස්සුන්ට ඡන්දය භාවිතා කරන්න තරම් දේශපාලන බුද්ධියක් නැහැ. ලංකාවට ඡන්ද අයිතිය ලබාදුන්නොත් අනාගතයේදී මෙරට පාලනය කරනු ඇත්තේ පවුල් කිහිපයක් පමණයි. මම හිතන්නේ මේක අදට ඉතාමත් ගැලපෙනවා. ඊට පස්සේ ලී ක්වාන් යූ කිව්වා. “සිංගප්පූරුව අපි හැදුවේ දූෂණයට තිත තියලා. විගණනය තමයි අපේ ප්‍රධානම අවිය වුණේ. එයට එරෙහිවන්නේ කම්බ හොරු. ඔවුන් අපි රටින් පිටුවහල් කළා කියලා”. මෙන්න මේකත් අද ඉතාමත්ම වැදගත් වෙනවා අපේ ලංකාවට. විගණනය පෙන්නන්න බැහැ දේශපාලකයින්ට. මෙන්න අපේ රටේ තත්ත්වය.”

“සිස්ටම් එක කලැප්ස් වෙලා තියෙන්නේ. සිස්ටම් එක කලැප්ස් වෙන්න හේතුවෙන් තමයි මේ සියලුම ප්‍රශ්න පැන නැගෙන්නේ. උදාහරණයක් ලෙස කිව්වොත් අධිකරණයේ දෙන තීන්දුව නිශේධනය කරන්න බලය දෙනවා ජනාධිපතිවරයාට. එතකොට ජනතාව එකතුවෙලා පත්කරන පාර්ලිමේන්තුව විසුරුවාහරින්න ජනාධිපතිවරයාට බලය දෙනවා. ඊළඟට පාර්ලිමේන්තුවට මුදල් බලයදීලා තියෙනවා. පාර්ලිමේන්තුව මුදල් බලය අද අත්හැර තිබෙන්නේ. ඒක බලහක්කාරයෙන් අරගෙන තිබෙන්නේ කැබිනට් එක. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක කැබිනට් එකට මුල්‍ය බලතල කිසිදෙයක් දීලා නැහැ. ඒක තියෙන්නේ පාර්ලිමේන්තුවට.”

“අද පාර්ලිමේන්තුව නොකරනම දේ තමයි මුදල් බලතල භාවිත කිරීම. මෙන්න මේ දෙවල් අනිවාර්යෙන්ම නැවත නිවැරිදි කරන්න ඕනේ. ඒ නිවැරදි නොකරනතාක් අපි මේ කතාකරන දේවල් බොරු කතා විතරයි. ලංකාව පසුගිය අවුරුදු 80 තිස්සේ දුප්පත්කම නඩත්තු කිරීමේ වැරදි ප්‍රතිපත්තිය තමයි යන්නේ. ටකරමක් දෙන්න, තහඩුවක් දෙන්න, හාල් ටිකක් දෙන්න. කතාකරනවා මිසක් මේකෙන් එළියට එන්නට බැහැ අපේ දේශපාලකයින්ට.”

“දුප්පත්කම නඩත්තු නොකළොත් දේශපාලකයාට ලබන සැරේ ඡන්ද ලැබෙන්නේ නැහැ. ඒ නිසා දේශපාල පක්ෂවලට ප්‍රතිපත්ති තිබිලා වැඩික් නැහැ. ඒකට ප්‍රතිපත්තියක් සකස් කළොත් විතරයි අපි මේ කතාකරන ප්‍රශ්නයෙන් අපිට ගොඩ එන්න පුළුවන් වෙන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14