සිවුරු දරා සිටි අපරාධ කල්ලි සාමාජිකයෙක් පොලිස් දැලේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකන් 06 දෙනෙක් ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙක් ඊයේ (31) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු අපරාධ කල්ලි සාමාජිකන් 06 දෙනා අතර මේ වන විට විහාරස්ථානයක වැඩ වසන හිමිනමක් ද වන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු හිමිනම ගාල්ල – හල්මිල්ලෑව ප්‍රදේශයේ විහාරස්ථානය වාසයකරන අවුරුදු 43ක හිමිනමක් බවයි වාර්තා වුණේ.

ඊට අමතරව බලපිටිය ප්‍රදේශයේ අවුරුදු 49ක පුද්ගලයෙක්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ 23 හැවිරිදි පුද්ගලයෙක්, ගම්පහ – කොටුගොඩ ප්‍රදේශයේ අවුරුදු 31ක පුද්ගලයෙක්, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් සහ සපුගස්කන්ද, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගැනුණු කල්ලි සාමාජිකන් 06 දෙනා අතරට අයත්.

එහිදී එම සැකකරුවන්ට ආධාර අනුබල ලබාදෙමින් ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ තවත් සැකකරුවන් තිදෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26