spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිවුරු දරා සිටි අපරාධ කල්ලි සාමාජිකයෙන් පොලිස් දැලේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකන් 06 දෙනෙක් ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙක් ඊයේ (31) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු අපරාධ කල්ලි සාමාජිකන් 06 දෙනා අතර මේ වන විට විහාරස්ථානයක වැඩ වසන හිමිනමක් ද වන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු හිමිනම ගාල්ල – හල්මිල්ලෑව ප්‍රදේශයේ විහාරස්ථානය වාසයකරන අවුරුදු 43ක හිමිනමක් බවයි වාර්තා වුණේ.

ඊට අමතරව බලපිටිය ප්‍රදේශයේ අවුරුදු 49ක පුද්ගලයෙක්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ 23 හැවිරිදි පුද්ගලයෙක්, ගම්පහ – කොටුගොඩ ප්‍රදේශයේ අවුරුදු 31ක පුද්ගලයෙක්, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් සහ සපුගස්කන්ද, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගැනුණු කල්ලි සාමාජිකන් 06 දෙනා අතරට අයත්.

එහිදී එම සැකකරුවන්ට ආධාර අනුබල ලබාදෙමින් ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ තවත් සැකකරුවන් තිදෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?