සිව් වසරකට පසු හේනකින් හමුවූ ශරීර අස්ථිවල අභිරහස.

සිය ගව පට්ටිය සෙවීමට ලඳු කැලෑ සහිත ඉඩමකට ගිය පුද්ගලයකුගෙන් අභිරහස් ඝාතනයක් බවට සැකසහිත තොරතුරු රැසක් අනාවරණය විය. ඒ ඉකුත් විසි නව වැනි දිනය. හෙළිදරව්වේ ඉසව්ව මදුරන්කුලිය සෙම්බැට්ට ප‍්‍රදේශයේය. පොලිස් වසම මුන්දලමය. එම පුද්ගලයා උදෑසන මුදා හැර තිබූ ගව පට්ටිය රැගෙන ඒමට ඉඩමට ගියේ එදින සවස්යාමයේය. එම අවස්ථාවේ යාබද ඉඩමේ ගින්නක් පැතිර යන දැක එය නිවා දැමීමට ඔහු කටයුතු කරන අවස්ථාවේ තණකොළ අතර සැඟව තිබූ පිස්තෝලයක් හමුවිය. එය දුර්වර්ණය, මළකඩ සහිතය. පිස්තෝලය අතට ගත් ඔහු දකුණු අත තිබූ පිහියෙන් ඊට තට්ටු කළේය. එම අවස්ථාවේ ඔහුට ඇතිවූ තැති ගැන්ම හා ඇතිවූ බිය නිසා එය ඉදිරියට විසි කිරීමට කටයුතු කළේය. පිස්තෝලය ඉදිරියේ තිබෙන පතහට වැටුණි. නැවත ඔහු කුතුහලයෙන් අවට විපරම් කළේය. තැන තැන විසිරී තිබෙන මිනිස් ඇටකටු නෙත ගැටුණේය. ඇති වූ සැකය හා බිය නිසා ඔවු කඩිනමින් නිවසට යෑමට කටයුතු කළේය. අනතුරුව පසුදින උදෑසනම මුන්දලම පොලිසියට පැමිණ සිදු වූ අකරතැබ්බය පොලිසිය හමුවේ විස්තර කළේය.

 මුල සිට අග දක්වා ඔහු මුහුණ පෑ සිදුවීම අසා මුන්දලම පොලිසියේ ස්ථානාධිපති අසිත ලක්රුවන් මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානය බලා පිටත් වූහ. පොලිස් ස්ථානයේ සිට කිලෝ මීටර් නමයක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානය ජනශූන්‍ය ලඳු කැලෑ සහිත ප‍්‍රදේශයකි. පොලිස් නිලධාරීන් පැමිණි විගස සිදු කළේ පතහට විසි කළ පිස්තෝලය ගැනීමයි. එය තරමක් දුරට මළකඩ සහිතය. මළකඩ නිසා පතරොම් ගැබ අසීරුවෙන් ගලවා බැලීමේදී පතොරොම් නවයක් දැමිය හැකි ගැබෙහි ඇත්තේ ජීවපතොරොම් හතකි. එම ස්ථානය තවදුරටත් හොඳින් නිරීක්ෂණය කිරීමේදී පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ හැඳුනුම්පතක්, රියදුරු බලපත‍්‍රයක් තැන තැන විසිරී තිබූ අස්ථි කොටස් සොයා ගැනීමට හැකි විය.

 ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුව විමර්ශන කටයුතු සිදු කිරීමේදී හමු වූ පිස්තෝලය, පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ හැඳුනුම්පත සහ රියදුරු බලපත‍්‍රය රත්නපුර පොලිස් කොට්ඨාසයේ කුරුවිට පොලිස්ථානයට අනුයුක්තව සිරිපාගම පොලිස්ථානයේ සේවය කරමින් සිටියදි 2020 වසරේ ඔක්තෝබර් 29 දින අතුරුදන් වූ පොලිස් සැරයන්වරයාගේ බවට අනාවරණය විය.

පසුදින මෙම සිදුවීම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තුළින් අනාවරණය වීමෙන් පසුව අතුරුදන්ව ඇති පොලිස් සැරයන්වරයාගේ බිරිඳ හා ඥාතින් පිරිසක් මදුරන්කුලිය සෙම්බැට්ට ඉඩමට පැමිණියහ. ඔවුන් රත්නපුර අයගම ප‍්‍රදේශයේ පදිංචි අය වෙති. අතුරුදන්ව ඇති පොලිස් සැරයන්වරයා දියණියන් තිදෙනෙකුගේ පියෙකි. ඔවුන් වයස අවුරුදු 10, 06 සහ 02 වියේ පසුවේ.

 එම ස්ථානයට පැමිණි පොලිස් සැරයන්වරයාගේ බිරිඳ වන නිලූකා රණවීර සියලූ දෑ දෙස මහත් ඕනෑකමින් බැලූවාය. දුර්වර්ණ ව තිබූ හැඳුනුම්පත, රියදුරු බලපත‍්‍රය සහ පිස්තෝලය හඳුනා ගැනීමට ඇයට වැඩි කාලයක් ගත නොවීය. වසරකට ආසන්න කාලයක් අසීමිත ආදරයෙන් දරුවන්ගේ දුක් සැප සොයා බලමින් රැකබලාගත් තම ස්වාමියාට මෙවන් ඉරණමක් අත්වේ යැයි ඇය කිසිදා නොසිතුවාය. හැඳුනුම්පතත් රියදුරු බලපත‍්‍රයත් දිහා සුළු වෙලාවක් බලා උන්නාය. නිතැතින් දෙකම්මුල් වලින් ගලා හැලූන කඳුළු බිඳු තම ස්වාමිපුරුෂයාගේ අවසන් හුස්ම වා තලයට එක් කළ ලඳු කැලෑ සහිත ඉඩමට එක්වූයේ දරාගත නොහැකි වේදනාවක් උරුම කරමින්ය. කඳුළු බිඳු පිසදමමින් ඇය කටහඬ අවදි කළේ මහත් ආයාසයෙනි. ‘‘මහත්තයාට සියදිවි හානිකරගන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. එයා හොඳට රාජකාරි කරපු කෙනෙක්. මටයි දරුවන්ටයි පුදුම ආදරයක් තිබුණේ. එහෙම කෙනෙකුට මොකටද ජීවිතය එපා වෙන්නේ. එයා සිදු කළ වැටලීම්වලට ඕ.අයි.සී මහත්තයා විරුද්ධ වෙලා නිතරම ප‍්‍රශ්න තිබුණා. ඇය එක එල්ලේ කීවාය.

 බිමට මුහුණ පහත් කර සිටි ඇය ආයාසයෙන් හිස ඔසවා පොලිස් නිලධාරීන් දෙස බලා දැඩි වේදනාවෙන් යළිත් කටහඬ අවදි කළේ ආවේගශීලීවය. ‘කවුරු මොනව කිව්වත් මේ ඇටකටු මම හිතනවා මගේ මහත්තයගෙ කියලා මොකද එයාගේ උස මහත දන්නෙ මම. එයාගේ අත් කකුල් වල දිග ප‍්‍රමාණය හිතපුවම මේවා මගේ මහත්තයාගේ’. ඇයගේ මුහුණේ ඉරියව් ද වෙනස් විය. ඉන් ඉස්මතු වූයේ කෝපයයි. කටහෙඬ් ස්වරූපය ද වෙනස් විය. ‘මහත්තයා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ක එකතු වෙලා කුරුවිට ඕ.අයි.සී මහත්තයා මගේ මහත්තයාව මරලා මෙහාට අරන් එන්න ඇති කියලා මට හොඳටම දැන් විශ්වාසයි.

 ඇයගේ චෝදනාව බරපතළය. එම ප‍්‍රකාශ තුළින් එහි සිටි සියල්ලෝම එකිනෙකාගේ මුහුණු දෙස බැලූහ. නැවතත් නිලූකා රණවීර කඩහඬ අවදි කළාය. ‘මොකද ගෙදර ප‍්‍රශ්ණ නැති කෙනා ජීවිතය නසා ගන්න යන්නේ නැහැ. මහත්තයා අතුරුදන් වුණ දිනයේ ඉඳලා මම හැම තැනම සොයා බැලූවා. නමුත් කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. මෙය ඝාතනයක් මේ අස්ථි කොටස් මහත්තයාගේ බවට මට විශ්වාසයි. ඒ සමග අනිත් දේවල් පවා තිබෙන නිසා මට විශ්වාසයක් තියෙනවා මෙය ඝාතනයක් බවට.

 මට කිසිම සාධාරණයක් මේ වනතුරු ලැබිල නැහැ. දරුවො තුන් දෙනත් එක්ක විඳින දුක දන්නෙ මමයි උඩ ඉන්න දෙවියො විතරයි. පොඩි දරුවො තත්තා කෝ කියල අහනකොට මම දෙන උත්තරේ මොකක්ද?

 කෙසේ වෙතත් ඇය විසින් සිදු කරන්නා වූ මේ චෝදනා සම්බන්ධව කුරුවිට පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු ඒවා අසත්‍ය බවට චෝදනා කරයි. අතුරුදන් වූ සැරයන්වරයා පොලිස් ස්ථාන ගණනාවක සේවය කරමින් විවිධ වූ නීතිවිරෝධී ක‍්‍රියාවලට සම්බන්ධ වී කටයුතු කළ බවද ඔහු සඳහන් කරයි. එම ප‍්‍රදේශයේ ජාවාරම් සිදුකර ඇති බවත් මත්ද්‍රව්‍ය හා කුඩු ජාවාරම්කරුවන් සමඟ එක්වී එම ජාවාරම්වලට සහාය ලබාදෙමින් කටයුතු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවට සිදුකළ අගෞරවයක් බව ද ඔහු පෙන්නා දෙයි. සියලූ පරීක්ෂණ අවසන් වීමෙන් පසු මෙහි සත්‍යය ලොවට හෙළි වන බව ද බොහෝවිට ආරක්ෂක අංශ නොමග යවමින් ඔහු මියගිය හෝ ඝාතනය කළ බවට හඟවා වෙනත් ප‍්‍රදේශයක සැඟවී සිටිය හැකි බව ද ස්ථානාධිපතිවරයා අවධාරණය කරයි.

 හමු වූ අස්ථි කොටස් සම්පූර්ණ ශරීරයක අස්ථි කොටස් ය. පසුගිය වර්ෂයේ ඔක්තෝබර් මස විසි නව වැනි දින අතුරුදන් වූ කුරුවිට පොලිසියට අනුයුක්තව සිරිපාගම මාර්ග බාධකයේ සේවය කළ කඩුගත් බංඩාර විජේකෝන් මුදියන්සේලාගේ සුමිත් අබේවර්ධන නමැති පොලිස් සැරයන්වරයා සිය රාජ රාජකාරී ගිනි අවිය ද රැගෙන ඔහුගේ ඥාතීන් කීපදෙනෙකුගේ නිවෙස්වලට ගොස් අවසානයේ නිකවැරටිය ප‍්‍රදේශයේ නිවසට ගොස් ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වසරකට ආසන්න කාලයක් ගතවුවත් ඔහු ගැන කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි විය. මදුරන්කුලිය සෙම්බැට්ටය ප‍්‍රදේශයෙන් හමු වූ අස්ථි කොටස් ඔහුගේම විය හැකිද? මෙය ඝාතනයක් ද? සියදිවි නසා ගැනීමක්ද? එසේත් නැත්නම් ආරක්ෂක අංශ නොමඟ යවමින් සිදු කළ ක‍්‍රියාවක් ද? මේ සියලූ තතු තව නොබෝ දිනකින් සිදු කරන්නා වූ පරීක්ෂණ සහ විමර්ශනවලින් හෙළි විය හැකි බවට විශ්වාසයක් තැබිය හැකිය.

 සොයා ගන්නා ලද අස්ථි කොටස් ඞීඑන්ඒ පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර සොයා ගන්නා ලද පිස්තෝලය සහ හැඳුනුම්පත් රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ.

 සිද්ධිය සම්බන්ධව මුන්දලම පොලිසියේ ස්ථානාධිපති අසිත ලක්රුවන් මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අරුණ ශාන්ත මහතා, පොලිස් සැරයන් 54933 කපුරුබංඩා, පොලිස් කොස්තාපල් 72629 හේරත්, 70291 බංඩාර යන නිලධාරීන් හා පුත්තලම කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන නිලධාරින් විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23