සිව්දෙනෙක් අවසන් ගමන් යැවූ තලාවේ මාරක රිය අනතුර

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, තලාව – මොරගොඩ ප්‍රදේශයේදී අද (25) අලුයම සිදු වූ අනතුරකින් පුද්ගලයන් හතරදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම අනතුරෙන් තුවාල ලැබූ තිදෙනෙක් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසනවා.

කුරුණෑගල දෙසට ධාවන වූ ලොරි රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.