සිව් දිනක සිට අතුරුදන් ව සිටි ඩිපෝ සේවකයාගේ මළසිරුර සොයාගනියි (වීඩියෝ)

සිව් දිනක් තිස්සේ අතුරුදන් ව සිටි ඩිපෝවේ පොම්පකරුගේ සිරුර බොක්කුවක් යට තිබී සොයාගෙන තිබෙනවා.

හැටන් පොලිස් වසමට අයත් ෂැනන් තේ වත්තේ තිබියදියි; මෙම පිරිමි පුද්ගල මළසිරුර සොයාගෙන ඇත්තේ.

හැටන් ෂැනන් වත්තේ පදිංචි රාමයියා මනෝහර් නමැති 49 හැවිරිදි තිදරු පියෙකුගේ සිරුරක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා හැටන් ලංගම ඩිපෝවේ පොම්පකරුවෙකු වශයෙන් සේවය කළ අයෙකු බවත්, මරණකරු සිව් දිනක් තිස්සේ සේවයට වාර්තා කර නොතිබුණු බවත්, ඒ පිළිබඳ ව මරණකරුගේ බිරිඳ විසින් හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මතයි පොලිස් විමර්ශන ආරම්භ කෙරුණේ.

මෙම මරණය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත්
මරණ ප‍රීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32