සිව්දරු මවක් ඩෙවොන් දිය ඇල්ලෙන් පනී

පවුල් ආරවුලක් හේතුවෙන් දිඹුල – පතන පොලිසියට පැමිණිල්ලක් සිදුකීරිමට පැමිණි කාන්තාවක් පොලිසිය ආසන්නයේ පිහිටි ඩෙවොන් දිය ඇල්ලෙන් පහළට පැන ඇති බව වාර්තා වනවා.

සිව්දරු මවක් වන මෙම කාන්තාව අද (22) පෙරවරුවේ මෙලෙස ඇල්ලෙන් පහළට පැන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඩොවොන් දිය ඇල්ලෙන් පහළට පැන අතුරුදහන්ව ඇත්තේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක්.

අදාළ කාන්තාව පවුල් ආරවුල සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට දරුවන් දෙදෙනෙකු සමඟ පොලිසියට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අනතුරුව මෙම කාන්තාව පැමිණිල්ල සිදුකර එක් දරුවෙකු සමඟ දිය ඇල්ල අසලට ගොස් ඇති අතර, තමන්ට බීමට වතුර ටිකක් රැගෙන එන ලෙස එහිදී ඇය දරුවාට පවසා තිබෙනවා.

ඒ, අනුව දරුවා එම ස්ථානයෙන් පිටව ගිය පසු ඇය මෙලෙස දිය ඇල්ලෙන් පහළට පැන ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මව සමඟ ගිය දරුවා ආපසු පොලිසිය වෙත දිවගොස් සිය මව දිය ඇල්ලෙන් පහළට පැන්න බවට පොලිස් නිලධාරීන් දැනුම්වත් කර තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් එහි පැමිණ විමර්ශන ආරම්භකර ඇති අතර, දිය ඇල්ලෙන් පහළට පැන අතුරුදන් වූ අදාළ කාන්තාව සොයා තවමත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51