spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිලි සිලි මලු ගැසට් නිවේදනය ඉවත් කරගනී

වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන සිලි සිලි බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා අද (28)දින ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

අදාළ ගැසට් නිවේදනයට අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (28) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම් දීම සිදුකළා.

මෙම පෙත්සම අද එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමින් සඳහන් කර තිබුණේ භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සඳහා වෙළඳසැල්වලින් ලබා දෙන සිලි සිලි මලු හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවන බවයි.

එම මලු සඳහා මුදලක් අය කළහොත් ඒවා භාවිතය අධෛර්යමත් වනු ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර සංවිධානය ඒ හරහා පරිසර හානිය අවම කර ගැනීමට හැකි වනු ඇති බවත් සඳහන් කළා.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී නිකුත් කරන සිලිසිලි මලු සඳහා මුදල් අය කිරීම වළක්වාලමින් දැනට පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බවයි.

ඒ සම්බන්ධයෙන් පෙත්සංකාර පාර්ශවය සැහීමකට පත්වන බව සඳහන් කළ අතර ඉන් අනතුරුව පෙත්සම් විභාගයද අවසන් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?