සිරියාවට එල්ල වූ ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානීන් පිරිසක් මරුට

සිරියාවේ ඩැමස්කස් අගනුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඉරාන ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට චෝදනා කරන අතර, එම ප්‍රහාරයෙන් හමුදා උපදේශකයින් හතර දෙනෙකු මෙන්ම සිරියානු හමුදා සාමාජිකයන් ගණනාවක් ද මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ.

නිරිතදිග ඩැමස්කස්හි, හමුදා ගුවන් තොටුපළක් පිහිටි ප්‍රදේශයක් මෙන්ම ඩැමස්කස් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය, තානාපති කාර්යාල සහ ආපනශාලාවලදී මෙම මරණ සිදුවී ඇතැයි සඳහන්.

ඉරානයේ ප්‍රවෘත්ති ඒජන්සියක් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරවලින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායෙහි සිරියාවේ බුද්ධි අංශ ප්‍රධානියා, ඔහුගේ නියෝජ්‍ය නිලධාරියා සහ තවත් ආරක්ෂක සාමාජිකයින් දෙදෙනෙකු මිය ගිය බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේ ඩැමස්කස් නගරයෙන් පිටත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් බවට සැක කෙරෙන ප්‍රහාරයකින් IRGCහි ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් ද මරණයට පත්වුණා.

අද එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් අදහස් දක්වා නැහැ. ඊශ්‍රායලය වසර ගණනාවක සිට සිරියාව තුළ ඉරානයට සම්බන්ධ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

හමාස් සටන්කාමීන් විසින් පසුගිය 2023 වසරේ ඔක්තෝම්බර් 7 වනදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව එම ප්‍රහාර උත්සන්න වී තිබෙනවා.

ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානීන් 2011 වසරේ යුද්ධය ආරම්භ වූ දා සිට සිරියාවේ කටයුතු කරමින් සිටින්නේ ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පාලන තන්ත්‍රයට එරෙහිව පැතිර ගිය කැරැල්ලට සහාය වීම සඳහායි.

හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට ප්‍රහාරයක් සිදු කර සාමාන්‍ය වැසියන් 1,300ක් පමණ මරා දමා, ප්‍රාණ ඇපකරුවන් 240ක් ගාසා තීරයට රැගෙන යාමත් සමඟ, ඔක්තෝබර් 7 වැනිදා සිට මැද පෙරදිග දැඩි අවධානයෙන් පසුවනවා. එම ප්‍රාණ ඇපකරුවන්ගෙන් 132 කට වැඩි පිරිසක් තවමත් භූමියේ රඳවා සිටින බවටයි විශ්වාස කෙරෙන්නේ.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ඊශ්‍රායලය සිය හමුදා ප්‍රති ප්‍රහාර ආරම්භ කළ දිනයේ සිට ගාසා තීරයේ 24,900 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායලය පවසන්නේ ගාසා තීරයේ සිය ගොඩබිම් සහ ගුවන් මෙහෙයුම හමාස් සංවිධානය විනාශ කිරීමේ අරමුණින් පමණක් සිදු කරන බවයි.

මෙම ගැටුම කලාපය වටා, විශේෂයෙන්ම දරුණු ප්‍රතිවාදීන් වන ඊශ්‍රායලය සහ ඉරානය අතර පැතිර යන පුලුල් යුද්ධයක් පිලිබඳ අවදානමක් ද මතු කර තිබෙනවා.

ගාසා හි හමාස්, ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හවුති ඇතුළු මැද පෙරදිග ක්‍රියාත්මක වන ආධාරක කණ්ඩායම් රැසක් පවතින අතර එය ඉරාකයේ සහ සිරියාවේ සන්නද්ධ කණ්ඩායම්වලට ද සහාය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43