සිරිපා කරුනා කරන්න තියන ලස්සනම පාරවල්…

ලංකාවේ අපිට තියෙන හොඳම වන්දනා අත්දැකීමක් තමයි සිරිපා කරුණාව..පහුගිය 11 වෙනිදා උදුවක් පෝය දවසින් සිරිපා කරුණාව පටන්ගත්තා..අපි දැක්ක පලවෙනි දවසෙම සෑහෙන බැතිමතුන් පිරිසක් සිරිපා කරුණා කරලා තිබ්බ..    බුදුරජා​ණන් වහන්සේගේ වම් සිරිපා සලකු​ණ සමනළ කන්දමුදුනේ තියෙනවා කියලා බෞද්ධ ජනතාව විශ්වාස කරනවා..

 ඒ අසිරිමත් සලකුණ බලන්න සමනළ කන්ද නගින එක සියවස් ග​ණනාවක් ඉඳල සිංහලයන් අතර බොහොම බැතිබර වන්දනා ගමනක්.. වාහන නොතිබ්බ කාලේ..ඒ කියන්නේ ඉස්සර සිරිපා නගින්න කලින් ඒකට ලකලැහැස්ති වෙලා තමුන්ගේ ගේ දොර ඉඩකඩම්, හරක බාන පවා දූ දරුවන්ට පවරලා තමයි සිරිපා කරුණාව පටන් ගන්නේ..    මොකද ඒ කාලේ අලි කොටි, වගවලසුන් පිරුණු දුෂ්කර කඳුකර පාරවල් වලන් පා ගමනින්ම තමයි සිරිපා ගමන යන්න වුනේ.. ඒත් දැන් අපිට වාහනයකින් ගිහින් දවසකින් සිරිපා කරුණාව නිමා කරන්න පුළුවන් කමක් තියනවා..  

 මීටර් 2000කට ආසන්න උසකින් යුක්ත ශ්‍රී පාදයට ගමන් කරන්න ප්‍රධාන මාර්ග දෙකයි තියෙන්නේ.. ඒ හැටන් පාර සහ රත්නපුර පාර.. හැබැයි මේ දෙකෙන් බෙදීල යන තවත් පාරවල් කිහිපයක්ම තියනවා..   ඉතින් මේ කියන්න හදන්නේ ඒ පාවර්වල් ගැන..    වැඩිම පිරිසක් සිරිපා කරුණා කරන්නේ හැටන් පාරෙන්..මොකද මේ පාර තමයි පහසුම පාර..හැටන් වලට කොච්චියෙනුයි බස් එකෙනුයි දෙකෙන්ම යන්න පුළුවන්..කොහොමත් මේ කාලේ හැටන් ඉඳල නල්ලතන්නියට බස් සේවාවන් පවා ක්‍රියාත්මක වෙනවා.. ඒ නිසා ඒ පාර තමයි පහසුම..ඒ වගේම ඒ පාරෙන් තමයි ගොඩ දෙනෙක් යන්නේ..  

 එතකොට රත්නපුර පාර ගැනත් ඔයා දන්නවා ඇති නේ..මේ රත්නපුර පාරට රජ මාවත කියලත් කියනවා.. කොහොමත් රත්නපුර පාරෙන් යද්දී තමයි  ලිහිණි හෙල, ඇහැල කණුව, හැරමිටිපාන, ඉඳිකටුපාන, සීත ගඟුල වගේ තැන් වල නියම තැන් හමුවෙන්නේ..හැබැයි හැටන් වලින් යනවට වඩා දෙගුණයක් දුරයි..යන්න පැය 10ක් වත් යනවා..කොහොම වුනත් ඔය පාරවල් දෙක ප්‍රසිද්ධයි නේ…   සිරිපා කරුණාව කරන්න පුළුවන් තව පාරක් තමයි මරේ වත්ත පාර..මේක හැටන් පාරේ ඉහළ තැනකට සම්බන්ධ වෙන පාරක්.. හැටන් නල්ලතන්නි පාරේ සමනලවැව ජලාශයත් පහුකරාට පස්සේ හම්බෙන මරේ වත්තෙන් කිලෝමීටර 10ක් විතර ගියාම එතන නවාතැන් පොලක් එහෙම හම්බෙනවා..අන්න එතනම උඩට මරේ වත්ත හරහා සිරිපාදේට යන පාර තියනවා..මේක යන්න පුළුවන් කෙටිම පාරක්..  

 අනිත් එක දැරණියගල උඩමාලිබොඩ පාර..මේ පාරේ සිරිපා කරුණා කරන්න යනවා නම් මුලින්ම දැරණියගලට යන්න ඕනේ.. එතන ඉඳන් බස් එකේ යනවා නම් උඩමාලිබොඩ බස් එකක් අල්ලගන්න පුළුවන්..    බස් එකේ ගිහිල්ල තව ටිකක් taxi එකක් අරගෙන උඩමාලිබොඩ සිරිපා පාරට යන්න ඕනේ..මොකද බස් එක උඩමාලිබොඩ තේ ෆැක්ටරිය ළඟට විතරයි යන්නේ..එතන ඉඳන් taxi එකේ යන්න තියනවා කිලෝමීටර් 3ක් 4ක් වගේ..කොටින්ම කිව්වොත් මේ පාරේ තනිකර කැලේ..කොල්ලෝ සෙට් එකක් වගේ යනවා නම් කමක් නෑ..මොකද පොඩි භයංකාරර ගමනක් තමයි මේ පැත්තෙන් යන එක..මේ පැත්තෙන් යනවා නම් අනිවාරෙන් කූඩල්ලන්ට බෙහෙතක් අරන් යන්න සිද්ද වෙනවා…

කොහොම වුනත් මේ පාරෙන් යද්දී අඩුම පැය 12ක් වත් යනවා..හැබැයි සුපිරි ගමනක්..මේ පාර සම්බන්ධ වේන්නේ කුරුවිට එරත්න පාරේ මැද හරියට.. එතනින් ගියාම රත්නපුර පාරට සම්බන්ධ වෙනවා..    විශේෂයෙන්ම කියන්නේ ඕනේ උඩමාලිබොඩ පාරෙන් යනවා නම් කරුවල වැටෙන්න කලින් යන්න ඕනේ..මොකද කරුවල වැටුනොත් ගමන් අමාරුයි..කැලේ අතරමන් වෙන්න වුනත් පුළුවන් එහෙම වුනොත්..විශේෂයෙන්ම මේ පාරෙන් යද්දී  මේ පාර දන්න කෙනෙක් එක්කගෙන ගියත් කමක් නෑ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50