සිරසට එරෙහි වාරණය යළිත් දීර්ඝ කරයි

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පෞද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත් පළකිරීම වළක්වමින් සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය හිමි  MTV පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය තවත් දීර්ඝ කර තිබේ.

කොළඹ දිසා අධිකරණය විසින් එම වාරණය දෙසැම්බර් 30 වනදා දක්වා දීර්ඝ කළ බව අධිකරණ වාර්තාකරු පැවසීය.

සිරස “නිව්ස් ෆස්ට්“අයත් MTV පුද්ගලික සමාගම හරහා ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පුද්ගලික සමාගමට, එහි සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගිය නොවැම්බර් 23 වනදා සති දෙකක් සඳහා වාරණ නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගය නිකුත් කළේ, සිරස “නිව්ස් ෆස්ට්“ අයත් MTV පුද්ගලික සමාගම විසින් ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පුද්ගලික සමාගමට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 2ක වන්දි ඉල්ලා ගොනුකළ නඩුව එදින සලකා බැලීමෙන් අනතුරුවය.

ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පුද්ගලික සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක්  කොළඹ දිසා අධිකරණය හමුවේ සිරස “නිව්ස් ෆස්ට්“ අයත් MTV පුද්ගලික සමාගමට එරෙහිව එම නඩුව ගොනු කළේය.

සිරස “නිව්ස් ෆස්ට්“ ඔස්සේ නොවැම්බර් 11, 13, 16 සහ 19 වන දිනවල ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් සමාගම විසින් කොවිඩ් – 19 ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ සහ සිතාමතා ගොතන ලද කරුණු ඇතුළත් අපහාසාත්මක පුවත් පළකළ බව පැමිණිලිකරු විසින් අධිකරණයට කරුණු දක්වා තිබුණි.

ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් සමාගම පෙන්වා දී ඇත්තේ, වගඋත්තරකරුවන් සැමවිටම පැමිණිලිකරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ද්වේෂසහගතව කටයුතු කර ඇති බවය.

මෙම නඩු කටයුත්ත යළි දෙසැම්බර් 07 වනදා කැඳවූ අවස්ථාවේදී තමන්ට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය අහෝසි කරන ලෙස සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය අයත් MTV පුද්ගලික සමාගම කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

අදාළ වාරණ නියෝගය දෙසැම්බර් 18 වනදා තෙක් දිර්ඝ කිරීමට ද ඒ අනුව අධිකරණය එහිදී නියෝග කරනු ලැබීය.

එදින (දෙසැම්බර් 07) MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥවරයා පැවසුවේ “ටීවී දෙරණ” සහ සිරස ටීවී මාධ්‍ය ක්ෂේත්‍රයේ කරට කර සිටින බවට පැමිණිලිකරු විසින් අධිකරණයට ගොනු කර තිබූ ලේඛන මතම එය නිවැරදි නොවන බවය.

ටීවී දෙරණට සාපේක්ෂව සිරස ටීවී සඳහා ඇත්තේ වඩාත් අඩු ටී.වී. ප්‍රේක්ෂක ශ්‍රේණිගත කිරීමක් බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී පැමිණිලිකරු වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පවසා තිබුණේ වගඋත්තරකාර MTV චැනල් පුද්ගලික සමාගම ද සිව් වතාවක් පැමිණිලිකරුට අපහාස වන අයුරින් පුවත් විකාශය කළ බවය.

එසේම පැමිණිලිකරුට අපහාස කිරීමට එම මාධ්‍ය ආයතනයට අයිතියක් නොමැති බවද ඔහු පෙන්වා දී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් නිල ඇඳුමෙන් වීඩියෝස් කරපු නිලධාරියා හදිසියේම කළ සංවේදී කතාව...
02:21
Video thumbnail
සුන්දර ඇල්ල නගරය තවත් ලස්සන කළ කොල්ලෝ කෙල්ලෝ
02:28
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරමින් අවසන් ගෞරව දැක්වූ හිටපු මාධ්‍ය ප්‍රකාශක...
00:32
Video thumbnail
හැරගිය මිතුරා වෙනුවෙන් සංවේදී වුණු අර්ජුන රණතුංග..
00:29
Video thumbnail
හිටපු පොලිස්පතිට සමුදෙන්න ආ පොළොන්නරුව SSP සංවේදී වෙයි
01:11
Video thumbnail
අපේ ආණ්ඩුව ලෝකෙටම උදාහරණයක් - උතුම් විදිහට වැඩ කරන්නේ
13:57
Video thumbnail
නාමල් ජනාධිපති වෙන එක කාටත් නවත්වන්න බෑ
08:06
Video thumbnail
කෝච්චියේ ආපු විශේෂ අමුත්තන්ව දැක්ක මිනිස්සු පුදුම වෙයි
01:36
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ඩඩ්ලි එයි
01:56
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:19