සිරකාරිණියක් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා ලැබූ වැලිකඩ පොලිස් නඩුව කැඳවීමට දින දෙයි

වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ලැබූ ආර්. රාජ කුමාරි නමැති මෙහෙකාර සේවයේ නියුතු කාන්තාවකට පහර දී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එම පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහිව පූර්ව නඩු විභාගය ජූලි මස 21වැනි දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි එම නියෝගය නිකුත් කෙරුණේ.

එහිදී විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාගය සඳහා ජූලි මස 21 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළා.

2023 වසරේදී ආර්.රාජ කුමාරි නමැති දෙදරු මවක් අත්අඩංගුවට ගෙන සිටියදි පහර දී මරා දැමීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩුව ගොනු කර තිබෙනවා.

එහි විත්තිකරුවන් ලෙස වැලිකඩ පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුළු තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන බවත් වාර්තා වනවා.

සුධර්මා නෙත්තිකුමාර නමැති කාන්තාවකගේ නිවසේ සිදු වූ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් රාජ කුමාරි වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40