සිරකරුවන් 988කට ජනපති සමාව (වීඩියෝ)

වෙසක් පොහොය දිනය වෙනුවෙන් සිරකරුවන් 988 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව යටතේ අද නිදහස ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

නිදහස ලබන එම පිරිස අතර කාන්තා සිරකාරියන් 6 දෙනෙකු ද වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල මත මෙම විශේෂ රාජ්‍ය සමාව හිමි වනවා.

ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982ක් සහ සිරකාරියන් 06ක් ද ඇතුලුව පුද්ගලයින් 988 දෙනෙකු දිවයිනේ සෑම බන්ධනාගාරයක් ම ආවරණය වන පරිදි නිදහස් කිරීමට නියමිතයි.

මේ අතර වෙසක් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ද ලබා දී තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ අද (05) සහ හෙට (06) දින දෙක තුළ සිරකරුවන් සඳහා අමුත්තන් බැලීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

රැඳවූවන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර පාර්සල සහ රස කැවිලි එක් අයෙකුට පමණක් ප්‍රමාණවත් වන අයුරින් ලබාදීමට ද අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

https://www.youtube.com/watch?v=oaGItF0D86w


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට UNP කෘත්‍යාධිකාරි මණ්ඩලයට එන හැටි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23