spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිරකරුවන් 988කට ජනපති සමාව (වීඩියෝ)

වෙසක් පොහොය දිනය වෙනුවෙන් සිරකරුවන් 988 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව යටතේ අද නිදහස ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

නිදහස ලබන එම පිරිස අතර කාන්තා සිරකාරියන් 6 දෙනෙකු ද වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල මත මෙම විශේෂ රාජ්‍ය සමාව හිමි වනවා.

ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982ක් සහ සිරකාරියන් 06ක් ද ඇතුලුව පුද්ගලයින් 988 දෙනෙකු දිවයිනේ සෑම බන්ධනාගාරයක් ම ආවරණය වන පරිදි නිදහස් කිරීමට නියමිතයි.

මේ අතර වෙසක් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ද ලබා දී තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ අද (05) සහ හෙට (06) දින දෙක තුළ සිරකරුවන් සඳහා අමුත්තන් බැලීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

රැඳවූවන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර පාර්සල සහ රස කැවිලි එක් අයෙකුට පමණක් ප්‍රමාණවත් වන අයුරින් ලබාදීමට ද අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

https://www.youtube.com/watch?v=oaGItF0D86w
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?